27 April 2024
#විදෙස්

ෆ්ලොරිඩාවේ ඇති වු කුණාටුව දරුණු තත්ත්වයක

මයිකල් චණ්ඩ මාරුතය අමෙරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තයේ වෙරළට පැමිණිම නිසා නිවාස හා ස්වභාවික සම්පත් රැසකට හානි සිදුව ඇති අතර මේවන විට පුද්ගලයින් දෙ දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

ඒ පිරිමි පුද්ගලයෙකු සහ කුඩා දරුවෙකු වන අතර ඔවුන් පදිංචි වී සිටි නිවාස වලට ගස් කඩන් වැටීම හේතුවෙන් බව වාර්තා වේ. සුළං හමන වේගය පැයට කිලෝ මිටර් 250 ක් බව වාර්තා කරයි.

ෆ්ලොරිඩා ප්‍රාන්තයේ ඇති වු දරුණුතම කුණාටුව එහි ජිවත් වු පුද්ගලයින් ලක්ෂ 05 කට ප්‍රදේශයෙන් ඉවත්ව ආරක්ෂිත ස්ථානවලට යන ලෙස රජය දන්වා ඇත.

මෙම චණ්ඩ මාරුතය ජොජියාව සහ ඇලබෑම ප්‍රාන්තවලට පැමිණ ඇත.

ෆොරන්ස් සහ උතුරු සහ දකුණු කැරලයිනා ප්‍රාන්තවලට උග්‍ර ලෙස වැසි ජලය මුදා හැරිමට ඉඩ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

මෙම ජනපද සියල්ලම මෑතකදී ඇති වු ෆොරන්ස් චණ්ඩ මාරුතයෙන් සිදු වු හානියෙන් ප්‍රකෘති ස්වභාවට පැමිණ නොමැති බව ද විදෙස් වාර්තා සඳහන කරයි.

ලෝකයේ දේශගුණය වෙනස් වීම නිසා ස්වභාවික විපත් වැඩි වැඩියෙන් සිදුවන නමුත් උතුරු කැරලයිනාව 2012 දී රාජ්‍ය ක්‍රම සම්පාදනයේදී දේශගුණ විපර්යාසයන් පිළිබඳ සාකච්ඡා කිරීමට හා රාජ්‍ය ආයතනවල මේ පිළිබඳ කතකිරීමට පවා එරට රජය දේශගුණ වෙනස් වීම යන වචන භාවිතා තහනම් කර ඇත.

මෙය මේ වන විට ෆොරිඩාවට ඇති වු බලවත්ම කුණාටුව ලෙස හැඳින්විය හැකි බව වාර්තා කරයි. මේ වන විට එම ප්‍රාන්තවල විදුලි විසන්දී වී ඇත. ට්‍රාන්ස්පොර්ම පවා පුපුරා තිබේ. 1851 පසු ඇති වු දරුණුතම චණ්ඩ මාරුතය කුණාටුව ඇති

මේ අතර මධ්‍යම ඇමෙරිකාවේ 13 ක් මිය ගොස් ඇති බව කාලගුණය හේතුවෙන් බව වාර්තා වේ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *