27 April 2024
#දේශීය

අයි. එස්. අයි. එස්. ත‍්‍රස්තවාදීන්ට රැකවරණය දෙන්නේ කවුද ?- ජනිපෙ ප්‍රශ්ණ කරයි

වනාතවිල්ලූව අධි බලැති පුපුරන ද්‍රව්‍ය හමුවීමේ සිදුවීම පිටුපස සිටින අයි. එස්. අයි. එස්. ත‍්‍රස්තවාදීන්ට රැකවරණය දෙන බස්නාහිර පළාත් ප‍්‍රබල දේශපාලනඥයා අත්අඩංගුවට ගෙන, ප‍්‍රශ්න කොට කඩිනමින් මෙරට ජාතික ආරක්ෂාව තහවුරු කරන ලෙස ජාතික නිදහස් පෙරමුණ පවසයි.

අද(21) කොළඹ පැවති මාධ්‍ය හමුවක දී එහි ජාතික සංවිධායක ජයන්ත සමරවීර මහතා කියා සිටියේ වනාතවිල්ලූව ප‍්‍රදේශයේ ලැක්ටෝවත්ත නම් අක්කර 80ක පොල්වත්තේ තිබී හමු වූ අධිබලැති පුපුරන ද්‍රව්‍ය හා ගිනි අවි තොගය පිළිබඳව මේ රටේ ජනතාවගේ බරපතළ අවධානය යොමු විය යුතු බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වු ජයන්ත සමරවීර මහතා ” මෙසේ අධිබලැති පුපුරන ද්‍රව්‍ය රැස් කළේ ඇයි ? මේ මුස්ලිම් තරුණයන් මෙහෙයවූයේ කවුද? ඔවුන් ඉටු කරන්නේ කාගේ උවමනාවක් ද? අන්තවාදී – ජාතිවාදී – බෙදුම්වාදී කොටි ත‍්‍රස්තවාදයෙන් වසර 30ක් තිස්සේ බැට කෑ සිංහල – දෙමළ – මුස්ලිම් ජනතාව මේ පිළිබඳව දැඩි සේ විමසිලිමත් විය යුතුයි. ගලේවෙල උපන් මුස්ලිම් ජාතිකයකු අයි. එස්. අයි. එස්. ත‍්‍රස්තවාදියකු ලෙස සිරියාවේ දී මියයාම, අලූත්ගම, දිගන, අම්පාර ජාතිවාදී ගැටුම් ඇවිලවීම, මාවනැල්ලේ බුදු පිළිම කැඞීම හුදකලා සිදුවීම් නොවෙයි. මේ සියල්ල එකම උවමනාව අනුව දියත් වන එ්වා. ඒ නිසයි ජාතියක් ලෙස අපි මේ පිළිබඳව දැඩි සේ විමසිලිමත් විය යුතුයි. ” ජයන්ත සමරවීර මහතා පැවසිය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *