27 April 2024
#සංවර්ධන

අරපරිස්සමෙන් විදුලිය පාවිච්චි කරන්න – විදුලි ඇමැති කියයි

විදුලි බලාගාර ආශ්‍රිත ජලාශයන්ගේ ජල මට්ටම දිනෙන් දිනෙම අඩුවේගන යෑම හේතුවෙන් විදුලිය අරපරිස්සමෙන් භාවිතා කරන ලෙස විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා මහජනතාවගෙන් ඉල්ලීමක් කර සිටි.

අමාත්‍යවරයා පවතින වියලි කාලගුණික තත්ත්වය හමුවේ විදුලිබල ක්ෂේත්‍රය මුහුණපා ඇති ගැටළු පිළිබදව මාධ්‍ය දැනුවත් කරමින් කියා සිටියේ අපි තාප බලාගාර යොදා ගනිමින් තමයි මේ වන විට කටයුතු කරන්නේ බවත් අපට හදිසි විදුලිබලය මිලදී ගැනීමට අවශ්‍යතාවක් හෝ විදුලි මිල වැඩි කරන්න අවශ්‍යතාවක් නොමැති බවයි.

ඒ නිසා අරපරිස්සමෙන් විදුලිය පාවිච්චි කරන්න කියලා මම අපේ ලක්ෂ 65 ක් පමණ වූ විදුලි පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටින බව අමාත්‍යවරයා කියා සිටියේය.

ඒ සම්බන්ධයෙන් අමාත්‍යවරයා මෙසේ වැඩිදුරටත් අදහස් පල කර සිටියේය ” විදුලි පාරිභෝගික ජනතාවගෙන් මා ඉල්ලා සිටින්නේ එක් දිනකට විදුලි බල්බ දෙකක් නිවා දමලා, විදුලිය ඉතිරි කරන්න කියලා. මේ තුළින් දිනකට මෙගාවොට් 100 ක් පමණ ප්‍රමාණයක් ඉතිරි කරගන්න හැකියාව ලැබෙනවා. අරපරිස්සමෙන් විදුලිය පාවිච්චි කරන්න ඕන යුගයක් ඇවිත් තිබෙන්නේ. අපි කිසිසේත්ම විදුලි කප්පාදුවකට යන්න දෙන්නේ නැහැ. ඒ වෙනුවෙන් අවශ්‍ය සහයෝගය අපට ලබාදෙන්න” මේ දිනවල ඉතා අධික විදුලි ඉල්ලුමක් තිබෙනවා. මේ තත්ත්වය තවත් මාස 1 ½ ක් පමණ ඉදිරියට පවතී කියලා හිතනවා. බලාගාර ආශ්‍රිත ප්‍රදේශයන්ට ලැබෙන වැස්සත් මේ කාලයේ ඉතා අඩුයි. නමුත් ජනතාවට අඛණ්ඩ විදුලි සේවයක් සපයන්න අපි අවශ්‍ය කටයුතු සිදුකරමින් සිටිනවා. අපේ ලංවිම දක්ෂ ඉංජිනේරුවරුන් සහ අත්දැකීම් සහිත කාර්ය මණ්ඩලය එකතුවෙලා මේ තත්ත්වය සමබරව පවත්වාගෙන යන්න අවශ්‍ය පියවර ගන්නවා. වසර 10 ක පමණ තිස්සේ, මේ රටේ විදුලි අවශ්‍යතාවන්ට සරිලන පරිදි විදුලි ජනන පද්ධතයක් ඉදිකරලා නැහැ. අපිට කරන්න පුළුවන් පොඩිම දේ තමයි, තමන්ගේ නිවසේ විදුලි බල්බ දෙකක් නිවා දමා විදුලිය ඉතිරි කිරීම. ඒ තුළින් ජනතාවගේ ප්‍රශ්නයත්, රටේ ප්‍රශ්නයත් විසදෙනවා.

Leave a comment

Your email address will not be published. Required fields are marked *