අල්ලස් පනත යටතේ සිදුකරන විමර්ශන සාක්ෂිකරුවන්ට තර්ජනය කරමින් ඔවුන් දැඩි ආතතියකට පත් කිරීමටත්, අවසානයේ ඔවුන් සියදිවි නසාගන්නා තත්ත්වයට ඇද දැමීමටත් පාවිච්චි කරනු ඇතැයි තමන් සිහිනයකින්වත් නොසිතූ බව හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ප්‍රකාශ කළේය. අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ රජය සමයේ අධිකරණ අමාත්‍යවරයා ලෙස අල්ලස් පනත සකස් කළේ තමන් බවයි. වර්තමාන විමර්ශන ක්‍රියාවලිය තුළ සිදුවන බව කියන මෙම තත්ත්වය පිළිබඳව ඒ මහතා සිය දැඩි කනස්සල්ල පළ කර සිටියේය.













