පසුගිය වසර තුළ ශ්‍රී ලංකාවෙන් බරවා රෝගීන් 68 දෙනෙකු හඳුනාගෙන ඇති බව බරවා මර්දන ව්‍යාපාරය පවසයි. බරවා මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රසංග සේරසිංහ මහතා සඳහන් කළේ, මෙම රෝගීන් පිරිස අතර ඉන්දියාවේ සිට මෙරට රැකියා සඳහා පැමිණි පුද්ගලයන් 34 දෙනෙකු ද සිටින බවයි.
වෛද්‍ය සේරසිංහ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේ හම්බන්තොට, ගාල්ල, මාතර, කළුතර, ගම්පහ, කොළඹ සහ කුරුණෑගල යන ප්‍රධාන දිස්ත්‍රික්ක හත තුළ මෙම රෝගය වැඩි වශයෙන් ව්‍යාප්ත වී පවතින බවයි.













