27 April 2024
#දේශීය

අලුත් ගමනක් යන්න එන්න – දුමින්ද කියයි

මොන තරම් හිත් රිදවීම්, ප්‍රශ්න තිබුණත්, හරි-වැරැද්ද පිළිබඳව අපිට මොන විදිහේ තක්සේරු තිබුණත් ඒ සියල්ල පැත්තකින් තියලා, අතීතයට තියලා ඒ සියල්ල අමතක කරලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට අලුත් ගමනක් යන්න සෑම කෙනෙක්ම සූදානම් වෙන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක හිටපු අමාත්‍යය, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රථිසංවිධාන වැඩසටහනේ පළමු රැස්වීම අනුරාධපුරයේදි අමතමින්ය,

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දුමින්ද දිසානායක මන්ත්‍රීතුමන්, “ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රථිසංවිධාන කටයුතු නැවතත් අපි අද නිළ වශයෙන් ආරම්භ කරලා, ඉදිරි මාස කීපය තුළ ආසන බළ මණ්ඩල, අනුබද්ධ සංවිධාන, ශාඛා සමිති ඒ වගේම මේ ප්‍රථිසංවිධානය හරහා එන අලුත් නිළතල අලුතින් පත් කරලා, ඒ සියළු නිළතල එක්ක නැවත වතාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත්ම පක්ෂය, බලවත්ම පක්ෂය බවට පත් කරලා.ඉදිරියේ එන්නේ මොන මැතිවරණයද ඒ සියලු මැතිවරණ ජයග්‍රහණය කරන පක්ෂය බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පත් කිරීම තමයි අපේ බලාපොරොත්තුව වෙලා තියෙන්නේ.ඉදිරියේ එන්නේ පළාත් සභා මැතිවරණය වෙන්න පුළුවන්, ජනාධිපති මැතිවරණය වෙන්න පුළුවන්, 2020 පාර්ලිමේන්තු මැතිවරණය වෙන්න පුළුවන් ඒ සෑම මැතිවරණයකින්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ ආණ්ඩුවක් හදන්න, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපතිවරයෙක් බලයට පත් කරන්න, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පළාත් සභාවක් බලයට පත් කරන එක තමයි අපේ මේ පක්ෂ ප්‍රථිසංවිධානයේ අරමුණ වෙලා තියෙන්නේ.පක්ෂ ප්‍රථිසංවිධාන වැඩසටහනේ පළමුවැනි රැස්විම තමයි මේ තියන්නේ.මධ්‍යම කාරක සභාවේ පක්ෂ ප්‍රථිසංවිධානය ගැන සාකච්ජා කරන කොට මම පක්ෂයේ ජාතික සංවිධායකවරයා ලෙස අභියෝගය භාර ගත්තා පක්ෂයේ පළමු ප්‍රථිසංවිධාන රැස්වීම අනුරාධපුරයේ තියන්නම් කියලා.“ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *