27 April 2024
#දේශීය

ආචාර්ය මොහාන්ගේ පොත ජනපතිට පිළිගන්වයි

ආචාර්ය මොහාන් ලාල් ග්‍රේරු මහතා විසින් රචිත ,ශ්‍රී ලංකාවේ අධ්‍යාපන පද්ධතිය සහ රැකියා වෙළෙදපොළ අතර ඇති නොගැලපීම, නම් ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (02) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි.

ග්‍රන්ථයේ පළමු පිටපත ආචාර්ය මොහාන් ලාල් ග්‍රේරු මහතා විසින් මෙහිදී ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීය.

කථානායක කරූ ජයසූරිය, තිලංග සුමතිපාල යන මහත්වරුන් ද මහාචාර්ය ජේ.බී. දිසානායක, මහාචාර්ය මොහාන් ද සිල්වා යන මහත්වරුන් ඇතුළු ආචාර්ය මහාචාර්යවරුන්, විද්වතුන් ඇතුළු සම්භාවනීය ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *