27 April 2024
#සංවර්ධන

දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයින් 1200කට ස්ථිර පත්වීම් ලිපි දෙයි

2013 – 2014 වර්ෂ වලදී දුම්රිය දෙපාර්තමේන්තුවට බඳවා ගත් (අනියම් ආදේශක, තාවකාලික සහ කොන්ත්‍රාත් පදනම මත බඳවා ගත්) මෙතෙක් ස්ථිර නොකළ සේවකයින් 1200කට ස්ථිර පත්වීම් ලබා දීමට ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

ඒ අනුව එම සේවකයින්ට ස්ථිර පත්වීම් ලිපි ප්‍රදානය කිරීම අද (28) දින පෙරවරුවේ දුම්රිය දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රදානත්වයෙන් මෙම පත්වීම් ලිපි ප්‍රදානය සිදු කෙරුණු අතර එම අවස්ථාවට දුම්රිය රාජ්‍ය අමාත්‍ය සී.බී. රත්නායක මහතාත් අතිපුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නායක ස්වාමීන් වහන්සේත් සහභාගී වුහ.

මෙම සේවක පිරිස වසර 5ක් තිස්සේ තමන් ස්ථිර කරදෙන ලෙස ඉල්ලා සිටියත් පසුගිය රජය විසින් එම පිරිස ස්ථිර කිරීමට පියවර ගෙන නොතිබුණු අතර, එහෙත් වත්මන් රජයේ අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශයට අනුව අමාත්‍ය මණ්ඩලය විසින් ඊට අනුමැතිය ලබා දෙන ලදී.

 

 

දිලිනි සමන්මලි 

Leave a comment

Your email address will not be published. Required fields are marked *