27 April 2024
#දේශීය

ආයුර්වේද ඖෂධ සංස්ථාවේ නව සභාපතිනිය සිය පත්වීම ලබා ගනි

ආයුර්වේද ඖෂධ සංස්ථාවේ නව සභාපතිනිය ලෙස නීතිඥ සාගලා අභයවික්‍රම මහත්මිය සිය පත්වීම් ලිපිය සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මිය අතින් අද (26) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී ලබා ගත්තේය.

වෘත්තියෙන් නීතිඥවරියක වන සාගලා අභයවික්‍රම මහත්මිය මහනුවර ප්‍රදේශයෙන් නීතිඥ වෘත්තීයට පිවිස වසර 17 ක පමණ කාලයක් පුරා අපරාධ හා සිවිල්, කාන්තා හා ළමා ක්ෂේත්‍රවලට අදාලව කටයුතු කරනු ලබනු ලබයි.

ඇය 2008 වසරේ දී නිවාස රාජ්‍ය අමාත්‍ය ගීතාංජන ගුණවර්ධන මහතාගේ පෞද්ගලික ලේකම්වරිය ලෙස ද කටයුතු කර ඇත. එමෙන්ම 2016 වසරේ සිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නීතිඥ සංගමයේ උපලේකම් ලෙස හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කාන්තා සංගමයේ විධායක සභිකාවක් ලෙස ද කටයුතු කරනු ලබයි. නීතිඥ සාගලා අභයවික්‍රම මහත්මිය හෙට (27) දින සිය ධූරයේ වැඩ බාර ගැනීමට නියමිතය.

 

දිලිනි සමන්මලි 

Leave a comment

Your email address will not be published. Required fields are marked *