27 April 2024
#දේශීය

ජනපති නම භාවිත කර ජනතාව මුලාකරන්නට එරෙහිව දැඩි පියවර

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකවරයෙකු ලෙස පෙනී සිටිමින් මොරටුව ප්‍රසිද්ධ විදුහලක විදුහල්පතිවරයෙකුට බලපෑම් කල පුද්ගලයෙකු පිළිබඳ තොරතුරු අනාවරණ වී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

එම අංශය පැවසුවේ ඔහු පිළිබඳව කොළඹ අපරාධ කොට්ඨාසය මේ වන විට පරික්ෂණ ආරම්භ කර ඇති බවයි.

ජනාධීපතිවරයා සමඟ සමීප සබඳතා පවතින බව පවසමින් ජනතාව මුලාකර අයුතු බලපෑම් කිරිමේ නිරත පුද්ගලයින් ඇතොත් වහාම පොලිසියට දැනුම් දීමක් කරන ලෙස ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් කියා සිටියේය.

 

දිලිනි සමන්මලි 

Leave a comment

Your email address will not be published. Required fields are marked *