• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ආර්ථිකය පුනර්ජීවනය කිරීමට නව බදු ප්‍රතිපත්ති ක්‍රමය ඉවහල් වනවා

3 December 2019
in දේශීය

සරල, විනිවිද පෙනෙන හා කාර්යක්ෂම බදු ක්‍රමයක් යළි නිර්මාණය කිරීමේ අරමුණෙන් බදු ප්‍රතිපත්ති රාමුවක් 2019 නොවැම්බර් මස 27 වැනි දින රජය විසින් හඳුන්වා දෙන ලද අතර මෙමගින් ස්වයං අනුකූලතාවය හා පහසු බදු පරිපාලනයක් ප්‍රවර්ධනය කරනු ලැබෙන බව මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

මෙම නව බදු ප්‍රතිපත්තිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ පොරොන්දු ඉටු කිරීමකි. අතිශය සංකීර්ණ වූ බදු ක්‍රමය ආමන්ත්‍රණය කිරීමට මෙම නව බදු ප්‍රතිසංස්කරණය හරහා රටේ බදු ක්‍රමයට පරිවර්තනයන් හඳුන්වා දී ඇත. වත්මන් සංකීර්ණ බදු ක්‍රමය දුෂණ, අක්‍රමිකතා හා ඇතැම් මූලික බදුකරණ මූලධර්ම, සම්මතයන් සහ බදු ගෙවන ජනතාවට දැරිය නොහැකි විකෘති කිරීම්වලට තුඩු දී ඇත.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය, වර්ධනය වෙමින් පවත්නා උද්ධමන නැඹුරුව සමග දළ දේශීය නිෂ්පාදිතයේ 2%ක තරම් අඩු වර්ධන මට්ටමක් වාර්තා කර ඇති අවධියක මෙම බදු ප්‍රතිසංස්කරණයේ ආරම්භය සිදු කරනු ලැබ තිබේ.

තවද, රට තුළ පවත්නා ණය සහ මූල්‍ය එකතුවෙහි ඌණ ක්‍රියාකාරී ආර්ථිකය එහි සමස්ත ඉල්ලුම වැඩි කිරීම සඳහා සැලකිය යුතු මූල්‍ය උත්තේජනයක් සැපයීමට ඉඩ තිබෙන බව රජය අවධාරණය කරයි. ඒ අනුව මෙය ආර්ථික ක්‍රියාකාරකම් උත්තේජනය කිරීම සහ සාමාන්‍ය ජනතාව මත පැටවූ බදු බර ලිහිල් කිරීම සඳහා රජය විසින් ගනු ලැබූ කාලෝචිත පියවරකි. මෙමගින් පෞද්ගලික අංශයට ඔවුන්ගේ ව්‍යාපාර සැලසුම් සහ ආයෝජන තීරණ සඳහා හිතකර පරිසරයක් නිර්මාණය කරනු ඇති අතර එමගින් කෙටි කාලීනව හා මාධ්‍ය කාලීනව ආර්ථික වර්ධන වේගය ඉහළ නැංවෙනු ඇත. ජාතිය ගොඩනැගීමේ බද්ද (NBT) සහ උපයන විට බද්ද ඉවත් කිරීම මෙන් ම වැට් බද්ද 8% දක්වා අඩු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස භාණ්ඩ හා සේවාවල මිල අඩුවනු ඇති අතර මේ හරහා උද්ධමනය මධ්‍යස්ථභාවයකට ද පත්වනු ඇත.

මෙම ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග රාජ්‍ය වියදම් කළමනාකරණය සම්බන්ධයෙන් අනෙකුත් ප්‍රධාන ප්‍රතිසංස්කරණ ප්‍රමුඛතාවට අනුකූලව ඒකාකාරී ප්‍රතිපත්ති රාමුවක් ලෙස ක්‍රියාත්මක කෙරේ. මෙමගින් ගුණාත්මක පාලන ක්‍රමයක් සැපයීම සඳහා රාජ්‍ය ව්‍යවසාය වැඩි දියුණු කිරීම සහ පරිපාලන පද්ධති සරල කිරීමක් ද ක්‍රියාවට නැංවේ.

රජයේ ක්ෂණික ප්‍රමුඛතාව වන්නේ ගොවි ප්‍රජාවගේ ජීවනෝපාය වැඩි දියුණු කිරීම සහ ආහාර සුරක්ෂිතතාව සහතික කිරීම සඳහා කෘෂිකාර්මික අංශය දැනට පවත්නා යහපත් කාලගුණය හේතුවෙන් පූර්ණ ධාරිතාවකට ගෙන ඒමට සැලසුම් ක්‍රියාත්මක කිරීමයි.

සංචාරක ව්‍යාපාරය, තොරතුරු තාක්ෂණ සේවා, ඉදිකිරීම් හා දේපොළ වෙළෙඳපොළ, අපනයනය හා ග්‍රාමීය කෘෂිකර්මාන්තය සහ වෘත්තිකයන් වෙනුවෙන් විදේශයන් හි දී ඉපැයීම් සඳහා ලබා දී ඇති සහනයන් මිල ස්ථායිතාවයකින් යුතු යහපත් ආර්ථික වර්ධනයක් පවත්වා ගැනීමට අපේක්ෂිතයි.

දූරදර්ශී රාජ්‍ය මූල්‍ය පාලන තන්ත්‍රයක් සඳහා රජය දක්වන කැපවීම ආරම්භයේ දීම පිළිබිඹු වන්නේ අමාත්‍ය මණ්ඩලය තාර්කික කිරීමට ගත් තීරණය සහ ප්‍රමුඛතා නොවන රාජ්‍ය වියදම් සඳහා වන සීමාවන් පැනවීමය. අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද පරිදි, කාර්ය මණ්ඩලය කළමනාකරණය කිරීම, වාහන මිලදී ගැනීම සහ ගොඩනැගිලි හා කාර්යාල පහසුකම් සීමා කිරීම ඇතුළුව එහි වියදම් පාලනය කිරීම සඳහා පියවර ගත යුතුයැයි සියලු අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ වෙනත් ආයතන වෙත දැනටමත් උපදෙස් නිකුත් කර ඇත. මේ අනුව වියදම් දැරීමේදී දැඩි අයවැය විනයකට අනුගත වීම අත්‍යාවශ්‍ය වේ. වක්‍ර බදු අඩු කිරීම අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ වෙනත් ආයතනවල සැලකිය යුතු ඉතිරියක් වනු ඇති බව ද සැලකේ. එමඟින් රාජ්‍ය වියදම් අඩු කරනු ලැබේ.

පාඩු ලබන රාජ්‍ය ව්‍යසායයන් (SOE) ලාභ ලබන ව්‍යාපාර බවට හැරවීමට, සුදුසුකම් ලත් හා දක්ෂ පුද්ගලයින් සොයා ගැනීමේ අරමුණින් විශේෂ කමිටුවක් විසින් මෙහෙයවනු ලබන තේරීම් ක්‍රියාවලියක් හරහා රාජ්‍ය හිමිකාර ව්‍යාපාරවල ප්‍රධාන තනතුරු සඳහා පත්වීම් ලබා දීමට කටයුතු යොදා ඇත.

2019 සඳහා අපේක්ෂිත රාජ්‍ය මූල්‍ය හිඟය ඇස්තමේන්තු ගත ප්‍රමාණයට වඩා වැඩි වනු ඇති අතර එය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 7 ක් පමණ විය හැකිය. අපේක්‍ෂා කළ ආදායමට වඩා සැලකිය යුතු අඩුවීමක් හේතුවෙන් සහ ප්‍රධාන වශයෙන් මන්දගාමී වර්ධනය සහ මැතිවරණ ආශ්‍රිත වියදම් වැඩිවීම මෙයට හේතු වනු ඇත.

මධ්‍ය කාලීනව දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 4 ක් දක්වා අයවැය හිඟය අඩු කිරීමේ මාවතක් ඔස්සේ සිය මෙහෙයුම් නැවත සකස් කිරීමට සහ ණය තොගය තාර්කිකකරණය සමඟ කළමනාකරණය කළ හැකි මට්ටම් කරා ගෙනයෑමට රජය සාමූහික ප්‍රයත්නයක් දරමින් සිටියි. රාජ්‍ය යාන්ත්‍රණය තුළ ශක්තිමත් රාජ්‍ය මූල්‍ය විනයක් පවත්වා ගෙන යාම සහතික කිරීම සඳහා ක්‍රියාමාර්ග බොහෝමයක් සැලසුම් කර ඇති අතර එමඟින් රාජ්‍ය සම්පත් ඵලදායී ලෙස භාවිත වන අතර රාජ්‍ය මූල්‍ය වගකීම ද සහතික කෙරේ.

ශ්‍රී ලංකාවේ ප්‍රගතිය සහ සමෘද්ධිය වෙනුවෙන් කැපවී සිටින ජාත්‍යන්තර මූල්‍ය ආයතන (අයිඑෆ්අයි) සහ සංවර්ධන හවුල්කරුවන් සමඟ අඛණ්ඩ සම්බන්ධතාවය මත මෙම උත්සාහයන් ක්‍රියාත්මක කෙරේ.

Post Views: 7
Previous Post

පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කෙරේ

Next Post

තාක්ෂණය පදනම් වූ දියුණු රටක් බවට පරිවර්තනය කිරීමට විශේෂඥ විද්‍යාත්මක දැනුම උපයෝගී කරගන්නවා – අමාත්‍ය තිලංග

editor

editor

Next Post

තාක්ෂණය පදනම් වූ දියුණු රටක් බවට පරිවර්තනය කිරීමට විශේෂඥ විද්‍යාත්මක දැනුම උපයෝගී කරගන්නවා - අමාත්‍ය තිලංග

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved