• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කොරෝනා රෝගින් හදුනාගැනීමත් සමඟ බන්ධනාගාරා තුළ පුර්ව හදිසි සැලසුම් ක්‍රියාත්මකයි

5 November 2020
in දේශීය

වැලිකඩ බන්ධනාගාරය තුළින් කොවිඩ් ආසාදිතයින් කිහිප දෙනෙකු හමුවීමත් සමග පෙර සකස්කර තිබූ පූර්ව හදිසි සැලසුම ක්‍රියාවේ යෙදවීමට කටයුතු කරන ලෙස බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය බන්ධනාගාර බලධාරීන්ට උපදෙස් දී ඇත.

පවතින තත්ත්වය මත ඒ පිළිබඳ කඩිනම් ක්‍රියාමාර්ග පිළිබදවත් අවධාරණය කිරීමට විශේෂ සාකච්ඡාවක් අද (05) අමාත්‍යාංශයේ පැවැත්විණි.

පෙර ලබාදී තිබූ සෞඛ්‍ය මාර්ගෝපදේශ සහ උපදෙස් අනුව සිදුකල අහඹු PCR පරික්ෂණ මගින් වැලිකඩ බන්ධනාගාරයේ කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු හමුවූ අතර ඔවුන් වැළිකන්ද රෝහල වෙත මාරු කර යැවීමට කටයුතු කර ඇති බවත් කාන්තා රැදවියන් හතර දෙනෙකු, පිරිමි රැදවියන් දෙදෙනෙකු සහ එක් නිලධාරියෙකු එලෙස හදුනාගෙන ඇත.

කොවිඩ් ආසාදිතයින් සහ රෝග ලක්ෂණ පෙන්නුම් කෙරෙන පිරිස් වර්ගීකරණයකට ලක්කොට ඔවුන් වෙනම ස්ථානගත කිරීමට සැලසුමක් බන්ධනාගාර පද්ධතිය තුල සකස්කොට ඇත. කොවිඩ් ආසාදිත එහෙත් රෝගී ලක්ෂණ පෙන්නුම් නොකෙරෙන අයවලුන් එක් කොටසකටත්, රෝගී ලක්ෂණ පෙන්නුම් කෙරෙන ආසාධිතයින් තවත් කොටසකටත්, PCR පරීක්ෂණ නොකල එහෙත් උණ කැස්ස සෙම රෝගී තත්වයන් පෙන්නුම් කෙරෙන රැදවියන් තවත් කොටසකටත් වෙන්කර තැබීමට කටයුතු සකස්කර ඇත.

එවැනි අයවලුන් කඩිනම් PCR පරික්ෂණ සදහා යොමු කිරීමට සැලසුම්කොට ඇත. එමෙන්ම බන්ධනාගාර නිලධාරීන් රාජකාරි සදහා යොමුකිරීමද වර්ගීකරණයකට අනුව සිදුවේ. භාහිර රාජකාරි සදහා යොදවන නිලධාරීන් වෙනම කණ්ඩායමක් ලෙසත් අභ්‍යන්තර රාජකාරී සදහා යොදවන නිලධාරීන් තවත් කණ්ඩායමක් ලෙසත් වෙන්කර ඇත. මෙම සැලසුමේ අරමුණ රැදවියන් මෙන්ම නිලධාරීන්ද කොවිඩ් වෛරසයෙන් ආරක්ෂාකර ගැනීමයි.

 

Post Views: 4
Previous Post

ස්වයං නිරෝධායන ක්‍රියාවලිය දැඩිව නිරීක්ෂණය කරන ලෙස ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්

Next Post

ආසිරි සෙන්ට්‍රල් රෝහල, උතුරු පළාතේ සෞඛ්‍ය නිලධාරීන් වෙනුවෙන් විශේෂ පුහුණු වැඩසටහනක් පවත්වයි

editor

editor

Next Post

ආසිරි සෙන්ට්‍රල් රෝහල, උතුරු පළාතේ සෞඛ්‍ය නිලධාරීන් වෙනුවෙන් විශේෂ පුහුණු වැඩසටහනක් පවත්වයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved