27 April 2024
#දේශීය

ඇඳිරි නීතිය ඉවත් කළත් සැලූන් රූපලාවණ්‍ය ආයතන වසා තබන්න

ඇඳිරි නීතිය තත්ත්වය  ඉවත් කළ ද දිවයින පුරා තිබෙන සැලුන් සහ රූපලාවණ්‍ය ආයතන වසා තැබීම වැදගත් බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි.

එසේම  රෝහල් ආසන්නයේදී  කුඩා කුඩා ආපන ශාලා ද  වසා තැබීමට තීරණය කර ඇති බව ඔහු පවසා ඇත.

තව ද ආපනශාලා හරහා ආහාර  නිකුත් කිරීමේ දී  එම ආහාර ආපන ශාලාව තුළ තබා පිළිගැන්වීම වෙනුවට ආපන ශාලාවෙන් ඉවතට ගෙන යන take away ,ක්‍රමය අනුගමනය කළ හැකි නම් එය ද අතිශය වැදගත් බව  ඔහු පෙන්වා දී ඇත.

අද (22)  මාධ්‍ය හමුවේ  අදහස් දක්වමින් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වරයා මේ බව සඳහන් කර ඇති අතර ජනතාවගේ හැසිරීම සම්බන්ධයෙන් වැඩි අවධානයකින් කටයුතු කළ යුතු බව ද සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ජනරාල් වරයා පවසා ඇතැයි වාර්තා වෙයි.

 salon , රූපලාවන්‍යගාර, වසා තැබීමට උපදෙස් දෙමින් මෙම කටයුතු සීමා  කරන්නේ සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම සඳහා බවත්  ඊට හේතුව තවමත් කොවිඩ් 19 වසංගත තර්ජනය  අවසන් වී නොතිබීම නිසා  බවත් පවසා ඇත.

වසංගතය පහ ව යම් සඳහා කාලයක් ගත වන බවත් එ බැවින් මෙවැනි කරුණු කෙරෙහි අවධානය අවධානයෙන් කටයුතු කිරීම වැදගත් බවත් ඔහු සඳහන් කර ඇති බව ද වාර්තා වෙයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *