27 April 2024
#දේශීය

ඇඳිරී නීතියක් පනවා නෑ – බොරු නිව්ස් පල කිරීම් ගැන පරික්ෂණයක් – පොලිසිය

අද රාත්‍රියේ සිට ඇඳිරි නිතීය පනව ඇති බවට පල වන ප්‍රවෘත්තිය අසත්‍යයක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පවසයි.

මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදු කරමින් ඒ මහතා පවසා සිටියේ අදාල ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් මේ වන විට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරික්ෂණයක් ආරම්භ කර ඇති බවයි.

එසේම ඇඳිරි නීතියක් ඇති බවට මේ වන විට පල වන වාර්තාවල කිසිදු සත්‍යතාවයක් නොමැති බවත් ජනතාව නොමග යන ප්‍රවෘත්ති පල නොකරන ලෙස පොලිසිය විසින් මාධ්‍ය ආයතන වෙත දැනුම් දී ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *