27 April 2024
#දේශීය

ඇෆ්ගනිස්ථානයේ සිවිල් වැසියන්ට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය ශ්‍රී ලංකාව තරයේ හෙළා දකී

2021 අප්‍රේල් 30 වැනි දින ඇෆ්ගනිස්ථානයේ ලෝගර් පළාතේ පුල්-ඊ-අලාම් නගරයේ දී සිවිල් වැසියන්ට එරෙහිව එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය ශ්‍රී ලංකාව දැඩි ලෙස හෙළා දකින බව විදේශ අමාත්‍යංශය පවසයි.

සිවිල් වැසියන්ට, විශේෂයෙන් සිසුන්ට සහ ළමයින්ට එරෙහි හිංසනය හා ප්‍රචණ්ඩත්වය මඟින් අරාජිකත්වය ගෙන ඒමට අපේක්ෂා කරන අපරාධකරුවන්ගේ කුරිරුභාවය පෙන්නුම් කරනු ඇත.

රටට කල් පවත්නා සාමයක් ගෙන ඒම සඳහා සිදුකරන ත්‍රස්තවාදයට එරෙහි අරගලයේ දී, ශ්‍රී ලංකාව ඇෆ්ගනිස්ථාන රජය සමඟ ස්ථිරව නැගී සිටී බව විදේශ අමාත්‍යංශය පැවසිය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *