ඇමරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ විසින් පැරගුවේ රජය සමඟ වැදගත් සිවිල් පරමාණුක (පරමාණුක බලශක්ති) සහයෝගීතා ගිවිසුමකට අත්සන් තබා තිබේ.
මෙය මතුපිටින් සාමාන්‍ය ගිවිසුමක් ලෙස පෙනުනද, දකුණු ඇමරිකාවේ ප්‍රමුඛතම ඇමරිකානු හිතවාදී රජයක් සමඟ වොෂින්ටන් බලධාරීන් ක්‍රමයෙන් සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් සිටිනු පෙන්වන තවත් එක් නිහඬ පියවරකි.
පැරගුවේ රාජ්‍යය ප්‍රධාන වශයෙන් ජල විදුලිය මත යැපෙන රටක් වන අතර, සිය විදුලිබල ජාලය විවිධාංගීකරණය කර ගැනීම සඳහා කුඩා මොඩියුල ප්‍රතික්‍රියාකාරක (Small Modular Reactors – SMR) කෙරෙහි දැඩි අවධානයක් යොමු කර ඇත. මෙම නව ගිවිසුම හරහා එම අංශය ගවේෂණය කිරීමට සහ සංවර්ධනය කිරීමට පැරගුවේ වෙත නිල රාමුවක් සපයා දීමට ඇමරිකා එක්සත් ජනපදය පියවර ගෙන තිබේ.
මේ වන විට ආරක්ෂක අංශ, ඛනිජ සම්පත් මෙන්ම පරමාණුක බලශක්තිය යන ක්ෂේත්‍ර ද ද්විපාර්ශ්වික සබඳතා යටතේ සාකච්ඡා මේසයට පැමිණ ඇති බව මෙමඟින් පැහැදිලි වේ.
තොරතුරු උපුටා ගැනීම: Mario nawfal(X) ඇසුරින්
















