27 April 2024
#දේශීය

ඇමැති මංගල හිරු දෙරණ නාලිකාවල වෙලෙඳ දැන්වීම් තහනම් කරයි

හිරු හා දෙරණ රුපවාහිනි මාධ්‍ය ආයතන දෙක සඳහා මුදල් අමාත්‍යංශය යටතේ ඇති වෙළෙඳ දැන්වීම් නතර කරන ලෙස මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

ඊයේ (15) මුදල් අමාත්‍යංශයට අයත් ආයතන ප්‍රධානීන් සමඟ සාකච්ඡාවේදී අමාත්‍යවරයා කියා සිටියේ රටේ ඇති වී තිබෙන තත්ත්වය පාලනය කිරීමට මෙම නාලිකා දෙක කටයුතු නොකරන බවයි.

එසේම අමාත්‍යවරයා කියා සිටියේ පසුගියදා පැවැත්වුණු කැබිනට් අමාත්‍ය මණ්ඩල හමුවේදී ද රටේ උද්ගතව ඇති තත්ත්වය සම්බන්ධව ගැඹුරින් සාකච්ඡා වූ බවත් එහිදී තමන් දැක්වූ අදහස් වලට ජනාධිපති, අගමැති මෙන්ම කැබිනට් අමාත්‍යවරුන්ද එකඟතාව දැක්වූ බවයි.

රටේ උද්ගතව ඇති තත්ත්වය හමුවේ අයුතු ලෙස ප්‍රශ්න ඇති කර තවත් වර්ධනය කිරීමට ගන්නා විශාල උත්සාහයක් පෙනෙන්නට තිබෙන බවත් විශේෂයෙන්ම එම මාධ්‍ය ආයතන දෙක තත්ත්වය අවුළුවන ආකාරයට පුවත් නිර්මාණය කරමින් විකාශය කරන බව අමාත්‍යවරයා අවධාරණය කළේය. රුපවාහිනි නාලිකා මෙන්ම පුවත්පත් කිහිපයක් ද මේ ආකාරයේ කටයුතු කරනු ඇති බවත් ඒ පිළිබඳ ඉදිරියේදී සාකච්ඡා කරන බව අමාත්‍යවරයා කියා සිටියේය.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි හිරු සහ දෙරණ නාලිකා සඳහා අපේ දැන්වීම් ලබාදීම මේ මොහොතේ සිට ක්‍රියාත්මක වෙන්න ඕන බව අමාත්‍යවරයා පැවසිය. මාසයක් දෙකක් තුනක් බලා එම ආයතනය දෙකේහි වෙනසක් වුණොත් පසුව එම තීරණය වෙනස් කරන්න පුළුවන් බව අමාත්‍ය මංගල සමරවීර මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *