• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඇමැති රාජිතගෙන් මාධ්‍යයට ප්‍රබල චෝදනාවක්

16 October 2018
in දේශීය

ඇතැම් සති අන්ත ඉංග්‍රීසි පුවත්පත් මාධ්‍ය ගණිකා වෘත්තීයේ යොදවන බවට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා චෝදනා කරයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ අම්බලන්ගොඩ දී පසුගියදා පැවැති සුවපති ගාලු අභිෂේකය උත්සවයට එක් වෙමින්. 

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ ” ඖෂධ සමාගම් වල වුවමනාවට ව්‍යාජ ප්‍රවෘත්ති නිර්මාණය කරමින් එම පුවත්පත්වල පළ කර ජනතාව නොමග යවනවා. ගුණාත්මකභාවයෙන් යුතු හොද ඖෂධ ලංකාවෙන් ඉවත්වන බවට චෝදනා කරනවා. මාධ්‍ය නිදහස ලබාදුන්නත් එය අයුතු ලෙස භාවිත කරන්න එපා. සමාගම්වල වුවමනාවට කටයුතු කරන්න එපා. ඇතැම් ඉංග්‍රීසි පුවත්පත් මම දුම්කොළ සදහා බදු පැනවීමේ දී සහ අනෙකුත් ක්‍රියාමාර්ග ගැනීමේ දී කටයුතු කළේ එම සමාගම් වල වුවමනා මතයි. ඖෂධ මිල අඩු කිරීමේ දී ද ඖෂධ සමාගම්වල උවමනාව මත කටයුතු කළා. වර්තමානයෙත් ඒ දේම සිදු කරනවා. මාධ්‍යවේදීන් වුවත් රෝගාබාධ වලට ලක් වන්න පුළුවන්. එහිදී ඖෂධ මිල අඩු කර තිබීම තුලින් සහනයක් ලබාගන්න පුළුවන්. ඖෂධ මාෆියාවට සහයෝගය දක්වන්න මාධ්‍යයට හැකියාවක් නැහැ. ජනතාව වෙනුවෙන් මාධ්‍ය හඩ නැගිය යුතුයි. ඖෂධ මිල නියාමනය කිරීමේ දී ඖෂධ සමාගම් වලට කාලයක් ලබාදුන්නේ නැහැ කියලා චෝදනාවක් තිබෙනවා. කාලය ලබාදුන්නේ නම් බලපෑම් එල්ල වෙනවා. අමාත්‍යවරුන් විවිධ චෝදනා එල්ල කරනවා. එම නිසයි කාලයක් ලබා නොදී කඩිනමින් එය ක්‍රියාත්මක කළේ. නැතිනම් මහාචාර්ය සේනක බිබිලේ මහතාට ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ දී සිදු වූ ඛේදවාචකයම අපටත් සිදු වෙනවා. ඖෂධ මාෆියාව ජනතාව ගිලගන්නවා. ජනතාව ඖෂධ මාෆියාවෙන් බේරා ගැනීම මාගේ අරමුණයි.” යැයි අමාත්‍ය සේනාරත්න මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 4
Previous Post

ලාංකීය සංගීත ක්ෂේත්‍රයේ පළමු මහාචාර්යවරිය අභාවප්‍රාප්ත වෙයි

Next Post

ශ්‍රි ලංකාවේ අන්නාසි Sri Lanka Pineapple නමින් විදේශ වෙළදපලට

editor

editor

Next Post

ශ්‍රි ලංකාවේ අන්නාසි Sri Lanka Pineapple නමින් විදේශ වෙළදපලට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved