ලෝකයේ ප්‍රමුඛතම ගුවන් සේවා දෙකක් වන ඇමෙරිකන් එයාර්ලයින්ස් සහ යුනයිටඩ් එයාර්ලයින්ස් එකාබද්ධ වීම සම්බන්ධයෙන් පැතිර ගිය පුවත් ඇමෙරිකන් එයාර්ලයින්ස් සමාගම නිල වශයෙන් ප්‍රතික්ෂේප කර තිබේ. එවැනි ඒකාබද්ධ වීමක් සඳහා තමන් කිසිදු කැමැත්තක් නොමැති බවත්, ඒ සම්බන්ධයෙන් කිසිදු සාකච්ඡාවක් පවත්වා නොමැති බවත් එම සමාගම අවධාරණය කරයි. මෙම දැවැන්ත ගුවන් සේවා සමාගම් දෙක එක්වීමක් සිදු වූයේ නම් එය ගෝලීය ගුවන් සේවා ක්ෂේත්‍රයේ විශාල වෙනසකට මඟ පාදන තීරණයක් වීමට ඉඩ තිබුණි.
කෙසේ වෙතත්, මෙවැනි ඒකාබද්ධ වීමක් සිදුවුවහොත් වෙළඳපොළ තුළ පවතින තරඟකාරිත්වය අඩුවීම සහ ගුවන් ගමන් ගාස්තු ඉහළ යාම පිළිබඳව පාරිභෝගික සංවිධාන මෙන්ම රජයේ නියාමන ආයතන ද දැඩි විමසිල්ලෙන් පසුවෙයි. ඇමෙරිකන් එයාර්ලයින්ස් පෙන්වා දෙන්නේ යුනයිටඩ් ගුවන් සේවය සමඟ එක්වීම පාරිභෝගිකයින්ට අහිතකර ලෙස බලපෑ හැකි බවයි. එසේම වත්මන් ඇමෙරිකානු පරිපාලනයේ ඒකාධිකාරී විරෝධී ප්‍රතිපත්තිවලට ද මෙවැනි එකඟතාවන් පටහැනි වන බව සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.














