27 April 2024
#දේශීය

එජාපයට නව ආසන සංවිධායකවරුන් පත් කරයි ..! රූකාන්තට ආසනයක්

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ආසන සංවිධායකවරුන් දෙදෙනෙකු ඇතුළු හයදෙනෙකු එක්සත් ජාතික පක්ෂයේ නව ආසන සංවිධායකවරුන් ලෙස පත් කිරිම් අද (11) අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ සිදු කෙරිණි.

ඒ අනුව හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකු මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අරනායක ආසන සංවිධායක ලලිත් දිසානායක මහතා එක්සත් ජාතික පක්ෂයේ අරනායක ආසන සංවිධායක ලෙසත් පලාත් සභා හිටපු අමාත්‍යවරයකු සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සෙංකඩගල ආසන සංවිධායක තිලිණ බන්ඩාර තෙන්නකෝන් මහතා එක්සත් ජාතික පක්ෂයේ පාතදුම්බර ආසන සංවිධායක ලෙසත් පත්කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී කාවින්ද ජයවර්ධන මහතා – මීගමුව ආසන සංවිධායක

ජනප‍්‍රිය ගායන ශිල්පී රූකාන්ත ගුණතිලක මහතා – දඹදෙනිය ආසන සංවිධායක 

මංජුල බණ්ඩාර මහතා –  වාරියපොල ආසන සංවිධායක

උදය විජේනායක මහතා – හිරියාල ආසන සංවිධායක ලෙසත් පත්කරනු ලැබිය.

මෙම අවස්ථාව සදහා එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම්, අමාත්‍යවරුන් වන සාගල රත්නායක, මලික් සමරවික‍්‍රම යන මහත්වරුන් ඇතුලූ පිරිසක් එක්වූහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *