27 April 2024
#ව්‍යාපාර

ඉදිරි අයවැයෙන් අයෝජකයින්ගේ බය නැති කරනවා !

වත්මන් ආණ්ඩුවේ කැබිනට් තනතුරු ලැබුණත් නොලැබුණත් අගමැති ලෙස පත් වු මහින්ද රාජපක්ෂ මහතා හට සහාය ලබා දෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි. ඒ මහතා විදේශ ගතවීමට පෙර මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ ඉදිරියේදී මැතිවරණයකට යාමේදී පවා සිදුවිය හැකි බවයි.

රුපියල අවප්‍රමාණය වීම වැලැක්වීම සඳහා ආණ්ඩුව තැතිගැනීමක් සිදුව තිබු බවත් දේශිය මෙන්ම විදේශිය ආයෝජකයින්ට ව්‍යාපාර කටයුතු සඳහා බිය නැති කළ යුතු බව හෙතෙම කියා සිටියේය. ඉදිරිපත් කිරීමට නියමිත අයවැය ලේඛනය මගින් ආයෝජකයින්ගේ බය නැති කරන බව හෙතෙම කියා සිටියේය.
තනතුරු නොලැබුණත් අප අතර ප්‍රශ්ණ නොමැති බවත් නායකයා සම්බන්ධව විශ්වාසය ඇති බව ගුණවර්ධන මහතා වැඩිදුරටත් පැවසිය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *