27 April 2024
#දේශීය

ඉදිරි මහමැතිවරණයේ අගමැති අපෙක්ෂකයා මහින්ද… ! – මන්ත්‍රී වීරකුමාර කියයි

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මහමැතිවරණයේ අගමැති අපේක්ෂකයා වත්මන් මහින්ද රාජපක්ෂ මහතා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා පවසයි.

TTVnews.lk වෙබ් අඩවිය කල විමසීමකදී ඒ මහතා කියා සිටියේ අගමැති අපේක්ෂකයා සම්බන්ධයෙන් මෙතෙක් සාකච්ඡාවක් නොපැවැත්වු නමුත් ජනප්‍රියතාවය මත අගමැති අපෙක්ෂකයා වන්නේ මහින්ද රාජපක්ෂ මහතා බවයි.

මේ වන විට ද මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස කරන අතර ඉදිරියට ඔහු විසින්ම එම තනතුර දරනු ඇති බව හෙතෙම පැවසිය. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ඉදිරියේදී සාකච්ඡා කෙරෙන බව දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

 

 

දිලිනි සමන්මලි 

Leave a comment

Your email address will not be published. Required fields are marked *