27 April 2024
#සංවර්ධන

ඉදිරි වසර කිහිපය තුළ මහනුවර ආර්ථිකය ශක්තිමත් කරනවා – රාජ්‍ය අමාත්‍ය ලකි

ඉදිරි වසර කිහිපය තුල මහනුවර ආර්ථිකය ශක්තිමත් කර මහනුවර ජනතාව සවිබල ගැන්වීම සිදු කරන බව නගර සැලසුම් හා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය ලකී ජයවර්ධන මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ පසුගියදා මාවීකුඹුර නිල සෙවණ කාර්යාලය වැඩිදියුණු කර ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින්.

මහනුවර ආර්ථිකය ශක්තිමත් කිරීමේ අරමුණ මෙන්ම ග්‍රාමීය ජනතාව රාජ්‍ය යාන්ත්‍රණයට ඇති අවකාශය වැඩි කරදීම මෙහි මුලික අරමුණ වේ. මෙම ව්‍යාපෘතිය තුලින් ඔවුන්ගේ ආර්ථිකය දියුණු කිරීමටත් ඔවුන්ගේ කෘෂි සහ අනෙකුත් නිෂ්පාදන සහ සේවාවන් ජාතික ආර්ථිකයට එකතු කර ගැනීමට බලාපොරොත්තු වේ.

උඩුනුවර අපනයන ගම්මාන 10ක් බිහිකිරීමේ වැඩපිළිවෙල සාර්ථක කරගැනීමට මෙම නිල සෙවණ උපයෝගී වනු ඇති අතර ඉදිරි වසර කිහිපය තුල මහනුවර ආර්ථිකය ශක්තිමත් කර මහනුවර ජනතාව සවිබල ගැන්වීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය ලකී ජයවර්ධන මහතා මෙහිදී වැඩිදුරටත් පැවසිය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *