27 April 2024
#දේශීය

ඉන්ධන මිල අද රාත්‍රියේ සිට පහලට

ඉන්ධන මිල සූත්‍රයට අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල පහත දැමීමට තීරණය කර ඇති බව මුදල් අමාත්‍යංශය පවසයි. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 2කින්ද, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරය රුපියල් 5 කින්ද, මිල අඩු කර ඇත.

එසේම සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 5 කින්ද අඩුකර ඇති බවත් ඔටෝ ඩීසල් මිලෙහි වෙනසක් නොමැති බව මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් නිවේදනය කළේය.

නව මිල අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක පැවති මිල රුපියල් 138ක් වු අතර නව මිල සංශෝදනයත් සමග එහි නව මිල රුපියල් 136කි.

ඔක්ටෙන් 95 පෙට්‍රල් ලීටරයක පැවති මිල රුපියල් 164ක් වන අතර නව මිල රුපියල් 159කි.

සුපිරි ඩීසල් ලීටරයක රුපියල් 136ක්ව පැවති අතර එහි නව මිල රුපියල් 131කි.

රුපියල් 104ක ඔටෝ ඩීසල් ලීටරයක මිල කිසිදු වෙනසක් සිදුවී නැහැ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *