27 April 2024
#දේශීය

ඉන්ධන මිල ඉහළට – මුදල් අමාත්‍යංශය

අද (12) දින මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් සහ ඩීසල් මිල ගණන් යළි ඉහළ දමා ඇති බව මුදල් අමාත්‍යංශය පවසයි. අමාත්‍යංශය නිවේදනය කළේ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 3කින් ඉහළ දමා ඇති බව ය. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල වන්නේ, රුපියල් 132කි.

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 159 ක් වන අතර රුපියල් 7කින් ලීටරයක මිල ඉහළ දමා තිබේ.

ඔටෝ ඩීසල් ලීටරයක් රුපියලකින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 104කි.

සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 8කින් ඉහළ දමා ඇති අතර, ලීටරයක නව මිල රුපියල් 134 ක් වනු ඇති.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *