27 April 2024
#දේශීය

නොවිසඳුනු අපේක්ෂකත්වය – අරලියගහ මන්දිරයේදී සාකච්ඡා

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස අතර තීරණාත්මක සාකච්ඡාව අවසන් තීරණයක් ගෙන නොමැතිව අවසන් වී තිබේ. අද රාත්‍රි 9.30 ට පමණ ආරම්භ වු මෙම සාකච්ඡාව සඳහා සහභාගී වී සිටියේ තිදෙනෙකු පමණ බව වාර්තා වේ.

මෙම සාකච්ඡාව සඳහා රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස, මලික්, කබීර්, රංජිත්, රාජිත වැනි අය සහභාගී වු බව අග්‍රාමාත්‍ය කාර්යාලය කියා සිටියේය.

කෙසේ වෙතත් මෙම සාකච්ඡාව එක්සත් ජාතික පකෂයේ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගනු ඇති බව බොහෝ අයගේ අපෙක්ෂාව විය. ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදය විසදා ගැනීම සඳහා පැවැති සාකච්ඡාව වුවද එය ද මෙසේ කල් යැවීමට සිදු වු බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම සාකච්ඡාවේදී ඉදිරි මැතිවරණ සම්බන්ධයෙන් ගනු ලබන උපක්‍රම පිළිබඳ සාකච්ඡා වු බව රනිල් වික්‍රමසිංහ මහතාගේ සමිපතමයෙකු අප වෙත කියා සිටියේය. ඒ අනුව සියළු දෙනා සතුටින් විසිර ගිය බව වාර්තා වේ.

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා කවුරුන් විය හැකිද? ඉදිරියේදී සජිත් ප්‍රේමදාස මහතා තනිවම ජනාධිපති අපේක්ෂකත්වයට ඉල්ලා සිටිද?

Leave a comment

Your email address will not be published. Required fields are marked *