ඇමරිකාව සහ ඉරානය අතර ඇති කරගත් යෝජිත අවබෝධතා ගිවිසුම (MoU) මූලික රාමුගත එකඟතාවක් පමණක් වන අතර, ඉරානය සිය න්‍යෂ්ටික වැඩසටහන ජාත්‍යන්තර පරීක්ෂකයන්ට නිරීක්ෂණය කිරීම සඳහා වහාම අවසර ලබා දිය යුතු බව ඇමරිකානු උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් (JD Vance) මහතා ප්‍රකාශ කරයි.
එන්බීසී (NBC) පුවත් සේවය සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් උප ජනාධිපතිවරයා සඳහන් කළේ, මෙම ගිවිසුම යටතේ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ (IAEA) නිලධාරීන්ට නැවත ඉරානයට පැමිණීමට එරට රජය අවසර දිය යුතු බවයි. එමෙන්ම ඉරානය සතු පොහොසත් කළ යුරේනියම් තොග විනාශ කිරීම සඳහා සහාය වීමට ඇමරිකාව සූදානම් බවත්, මෙම කොන්දේසි අවබෝධතා ගිවිසුමේ පැහැදිලිවම අඩංගු කර ඇති බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
මේ අතර ධවල මන්දිරය නිවේදනය කර ඇත්තේ ජිනීවා නුවරදී මෙම මූලික ගිවිසුමට නිල වශයෙන් අත්සන් තැබීමෙන් පසුව, න්‍යෂ්ටික වැඩපිළිවෙළ සහ සම්බාධක ඉවත් කිරීම පිළිබඳව දින 60ක් පුරා පුළුල් සාකච්ඡා පවත්වා අවසන් ස්ථිර සාම ගිවිසුමට එළැඹීමට නියමිත බවයි. ඉරාන ආරක්ෂක කවුන්සිලය ද මේ බව තහවුරු කර ඇති අතර, මූලික එකඟතාවලට ඇමරිකාව නිසි පරිදි ගරු කරන තෙක් අවසන් ගිවිසුම අත්සන් නොකරන බව ඉරාන පාර්ශවයද ප්‍රකාශ කර තිබේ.















