ඇමරිකාව සහ ඉරානය අතර යුද්ධය නිමා කිරීමේ මූලික එකඟතාවන් ඇති වුවද, තමන් විසින් අත්පත් කරගනු ලැබූ ලෙබනන් භූමි ප්‍රදේශවලින් ඊශ්‍රායල හමුදාව ඉවත් කර නොගන්නා බව එරට අගමැති බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) සෘජුවම ප්‍රකාශ කර තිබේ.
මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වමින් අගමැතිවරයා අවධාරණය කළේ මේ වන විට අත්පත් කරගෙන ඇති ලෙබනනයේ වර්ග කිලෝමීටර් 750ක භූමි ප්‍රමාණය තුළ සිය මිලිටරි බලකායන් තවදුරටත් ස්ථාවරව රඳවා තබන බවයි. ලෙබනනය, සිරියාව සහ ගාසා තීරය ඇතුළු කලාපීය දේශසීමාවලින් එල්ල වන ඕනෑම තර්ජනයකට මුහුණ දෙමින් ඊශ්‍රායලයේ ආරක්ෂාව වෙනුවෙන් අඛණ්ඩව පියවර ගන්නා බව ඔහු මෙහිදී පෙන්වා දුන්නේය.
එමෙන්ම, ඇමරිකාව ඉරානය සමඟ කුමන මට්ටමේ ගිවිසුම්ගත වීම් සිදුකළද, තමන් අග්‍රාමාත්‍ය ධුරයේ රැඳී සිටින තාක් කල් ඉරානයට න්‍යෂ්ටික අවියක් නිෂ්පාදනය කිරීමට කිසිසේත්ම ඉඩ නොතබන බවද නෙතන්යාහු වැඩිදුරටත් අවධාරණය කර සිටියේය. ඊශ්‍රායල අගමැතිවරයාගේ මෙම ප්‍රකාශයත් සමඟ මැදපෙරදිග කලාපයේ පවතින යුදමය සහ රාජ්‍ය තාන්ත්‍රික නොසන්සුන්තාවය තවදුරටත් තීව්‍ර වී තිබේ.
















