ඉරානය සමඟ දැනට ක්‍රියාත්මක සති දෙකක සටන් විරාමය දීර්ඝ කිරීමට තමා අදහස් නොකරන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ. ABC පුවත් සේවය සමඟ අදහස් දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ සටන් විරාමය දීර්ඝ කිරීමේ අවශ්‍යතාවක් ඇතැයි තමා විශ්වාස නොකරන බවත්, ඉදිරි දින දෙක තුළ සුවිශේෂී සිදුවීම් කිහිපයක් දැකගත හැකි වනු ඇති බවත්ය.
ගැටුම අවසන් කිරීම සඳහා ගිවිසුමකට එළඹීම හෝ ඉරානයේ හමුදා හැකියාවන් සම්පූර්ණයෙන්ම විනාශ කිරීම යන විකල්ප දෙකම පවතින නමුත්, තමා වඩාත් කැමති රාජ්‍ය තාන්ත්‍රික මාවත ඔස්සේ ගිවිසුමකට එළඹීමට බව ඔහු එහිදී ඉඟි කර ඇත. තමන් ඇමෙරිකානු ජනාධිපති ධුරයේ නොසිටියේ නම් ලෝකය දැඩි අර්බුදයකට ලක්වනු ඇති බව ද ට්‍රම්ප් මෙහිදී වැඩිදුරටත් අවධාරණය කර තිබේ.














