හිටපු අමෙරිකානු මූල්‍ය ලේකම් ජැනට් යෙලන් මහත්මිය ප්‍රකාශ කරන්නේ, මෙම වසර තුළ එක් වරක් පමණක් ෆෙඩරල් බැංකුව (Federal Reserve) විසින් පොලී අනුපාත අඩු කිරීමට ඉඩ ඇති බවයි. හොංකොං හි පැවති HSBC ගෝලීය ආයෝජන සමුළුවේදී අදහස් දක්වමින් ඇය පෙන්වා දුන්නේ, ඉරාන යුද්ධය හේතුවෙන් ලෝක ආර්ථිකයේ සැපයුම් දාමයන්ට එල්ල වී ඇති බලපෑම හමුවේ උද්ධමනය පාලනය කිරීම තවමත් අභියෝගාත්මක වී ඇති බවයි. විශේෂයෙන්ම මැදපෙළ පෙරදිග පවතින අස්ථාවරත්වය නිසා භාණ්ඩ හා සේවා මිල ඉහළ යාමේ අවදානමක් පවතින බැවින් ෆෙඩරල් බැංකුව ඉතා විමසිලිමත්ව මෙම තීරණය ගනු ඇතැයි ඇය විශ්වාසය පළ කරයි.
කෙටි කාලීන උද්ධමන අපේක්ෂාවන් තරමක් ඉහළ ගොස් තිබුණද, ආර්ථික දත්තවල වෙනස්වීම් මත පදනම්ව නම්‍යශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට බලධාරීන් සූදානමින් සිටින බව යෙලන් මහත්මිය මෙහිදී අවධාරණය කළාය. ගෝලීය ආයෝජකයින් මෙම පොලී අනුපාත සංශෝධනය පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන්නේ එය ලෝක කොටස් වෙළඳපොළට සහ ආයෝජන ප්‍රවණතාවලට සෘජුවම බලපාන බැවිනි. ඉරාන යුදමය වාතාවරණය හමුවේ ඇති වී තිබෙන ආර්ථික කම්පනයන් මධ්‍යයේ වුවද, ඇමරිකානු මූල්‍ය ප්‍රතිපත්තිය ස්ථාවරව පවත්වා ගැනීමට පවතින හැකියාව පිළිබඳව ඇය මෙහිදී සුබවාදී අදහස් ඉදිරිපත් කළාය.














