ලෙබනනය තුළ තවදුරටත් බෝම්බ ප්‍රහාර එල්ල කිරීම ඊශ්‍රායලයට තහනම් කර ඇති බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද (17) ප්‍රකාශ කළේය. සිය දිගුකාලීන මිත්‍ර රටක් වන ඊශ්‍රායලය සම්බන්ධයෙන් ඔහු මෙලෙස දැඩි ස්වරූපයකින් අදහස් දැක්වීම විශේෂත්වයකි.
ට්‍රම්ප් ජනාධිපතිවරයා සිය සමාජ මාධ්‍ය ගිණුමක සටහනක් තබමින් ප්‍රකාශ කළේ, “ඊශ්‍රායලය තවදුරටත් ලෙබනනයට බෝම්බ හෙළන්නේ නැහැ. එක්සත් ජනපදය විසින් එය ඔවුන්ට තහනම් කර තිබෙනවා. දැන් ඇති!” යනුවෙනි. ඉරානය සමඟ එක්සත් ජනපදය ඇති කර ගන්නා කිසිදු එකඟතාවක් ලෙබනනයට අදාළ නොවන බවත්, හිස්බුල්ලා සංවිධානය සම්බන්ධයෙන් ඇමෙරිකාව සුදුසු පරිදි කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
එමෙන්ම ඉරානයෙන් න්‍යෂ්ටික ද්‍රව්‍ය ලබා ගැනීමට ඇමෙරිකාව කටයුතු කරන බවත්, ඒ සඳහා කිසිදු මුදලක් හුවමාරු නොවන බවත් ඔහු පැවසීය. හෝමුස් සමුද්‍ර සන්ධිය සියලුම වාණිජ නෞකා සඳහා විවෘත කරන බවට ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි කළ ප්‍රකාශයෙන් අනතුරුව ජනාධිපති ට්‍රම්ප් මෙම අදහස් පළ කර තිබේ.












