උත්සව සමයේ බීමත්ව සහ නොසලකා රිය පැදවීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා පොලිසිය රියදුරන්ගෙන් දැඩි ඉල්ලීමක් කරයි 2026 වසරේ මුල් මාස හතර තුළ පමණක් රිය අනතුරුවලින් පුද්ගලයන් 713 දෙනෙකු මියගොස් ඇති බව නවතම දත්ත වාර්තා පෙන්වා දෙයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ් යූ වුට්ලර් මහතා සඳහන් කළේ මියගිය පිරිසෙන් 248 දෙනෙකුම යතුරුපැදිකරුවන් බවයි
රිය අනතුරු ඉහළ යාමත් සමඟ ප්‍රධාන මාර්ගවල සහ අධිවේගී මාර්ගවල බීමත් සහ අනතුරුදායක ලෙස රිය පදවන පුද්ගලයන් හඳුනා ගැනීමට විශේෂ මෙහෙයුම් තීව්‍ර කර ඇති බව නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව් පී ජේ සේනාධීර මහතා ප්‍රකාශ කළේය මීට අමතරව අලුත් අවුරුදු නිවාඩු සමයේ විනෝද චාරිකා යන පිරිස් ගංගා වැව් සහ මුහුදේ දිය නෑමේදී වඩාත් විමසිලිමත් වන ලෙස ද පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි














