අනුරාධපුර පොලිස් වසමට අයත් සාලිය මාවත සහ මහබුලංකුලම යන ප්‍රදේශවලදී සිදුකළ වැටලීම් දෙකකදී නීති විරෝධී මත්පැන්, ගෝඩා සහ පෙරීමට යොදාගන්නා උපකරණ සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අනුරාධපුර පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (13) මෙම වැටලීම් සිදුකර ඇත.
මෙහිදී එක් සැකකරුවෙකු සන්තකයේ තිබී නීති විරෝධී මත්පැන් ලීටර් 33.75 ක් (බෝතල් 45) සහ ගෝඩා ලීටර් 390 ක් සොයාගෙන තිබේ. අනෙක් වැටලීමේදී ගෝඩා ලීටර් 780 ක් සහ මත්පැන් පෙරීමට යොදාගන්නා උපකරණ තොගයක් පොලිස් බාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 44 සහ 48 යන වයස්වල පසුවන අනුරාධපුර ප්‍රදේශයේම පදිංචිකරුවන් බව හඳුනාගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.














