27 April 2024
#සංවර්ධන

උතුම් ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට ප්‍රකාශයට පත් කෙරේ

වසර දහස් ගණනක් පුරා රැකගෙන ආ නිර්මල බුදුදහම ලෝකවාසී ජනතාවටත්, අනාගත පරපුරටත් නිවැරදි ලෙස ආරක්ෂා කොට පවත්වාගෙන යාමේ අරමුණින් පූජනීය ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමේ ජාතික මහෝත්සවය ගෞරවණීය මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (05) පෙරවරුවේ මාතලේ ඓතිහාසික අලූවිහාරයේ දී පැවැත්විණි.

මාතලේ ඓතිහාසික අලූවිහාරය වෙත ගිය ජනාධිපතිවරයා සමරු ඵලකය නිරාවරණය කර උතුම් ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම සනිටුහන් කළේය.

ස්‍යාමෝපාලි මහානිකායේ අස්ගිරි මහාවිහාර පාර්ශවයේ මහානායක පූජ්‍ය වරකාගොඩ ඤාණරතන මහානායක ස්වාමින් වහන්සේ, ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ අනුනායක පුජ්‍ය නියංගොඩ විජිතසිරි අනුනායක ස්වාමින් වහන්සේ, ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහා නායක අග්ගමහා පණ්ඩිත පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහානායක හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ දිවයිනේ නන්දෙසින් වැඩම කළ මහා සංඝරත්නය එක්දහස් පන්සීයකට අධික පිරිසක් ද බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා ඇතු`ථ මැති ඇමතිවරු, ආණ්ඩුකාරවරු, රාජ්‍ය නිලධාරින් ඇතු`ථ සැදැහවත් ජනතාව විශාල පිරිසක් මෙම පුණ්‍ය මහෝත්සවයට එක්ව සිටියහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *