27 April 2024
#දේශීය

එජාපයේ ලක්ෂයකට සාධාරණයක් වුණේ නෑ – දුනේෂ් කියයි

එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ ලක්ෂයක පිරිසකට සාධාරණයක් ඉටු නොවු බවත් ඔවුන් කළකිරීමට පත්ව සිටින බවත් එක්සත් ජාතික පාක්ෂිකයින් වත්මන් ආණ්ඩුවට එරෙහිව පෙළගැස්වීමට තමන් කටයුතු කරන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දුනේෂ් ගන්කන්ද මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ රත්නපුර දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ සියළු දේශපාලන පක්ෂවල සංවිධායකවරුන්ගේ ඒකාබද්ධ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින්.

එහිදී ගන්කන්ද මහතා කියා සිටියේ ඉදිරියේදී එජාපයේ කලකිරුණු පිරිස එක්ව පුළුල් සන්ධානයක් බිහි කරන බවයි.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *