27 April 2024
#සංවර්ධන

උතුරේ ජල ගැටලූව විසදීමට ඉරණමඩු ජලාශය ජනපති අතින් ජනතා අයිතියට

රටේ ගොවි ජනතාවගේ ජල ගැටලූව විසදීම තම සංවර්ධන න්‍යාය පත්‍රයේ ප්‍රමුඛ ස්ථානයට පත්කරගත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පූර්ණ මගපෙන්වීමෙන් මොරගහකන්ද ජලාශයේ ඉදිකිරීම් සමඟ ආරම්භ කෙරුණු මෙරට වාරි ක්‍රියාන්විතයේ දෙවන පියවර ලෙස උතුරේ විශාලතම ජලාශය වන කිලිනොච්චි ඉරණමඩු ජලාශයේ ප්‍රතිසංස්කරණ කටයුතු 2015 වසරේදී ආරම්භ කෙරිණි.

ඒ අනුව ඉරණමඩු ජලාශය අද (07) පෙරවරුවේ ජනාධිපතිවරයා අතින් ජනතා අයිතියට පැවරිණි.

ජලාශය ප්‍රතිසංස්කරණය කිරීමෙන් අනතුරුව ප්‍රථම වතාවට වාන් දැමීමේ සුබ අවස්ථාව අද උදෑසන ජලාශ පරිශ්‍රය වෙත ගිය ජනාධිපතිවරයා ජලාශයේ වාන් දොරටු විවෘත කරනු ලැබීය.

උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ, අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද සමරසිංහ, සරත් අමුණුගම, අංගජන් රාමනාදන්, යන මහත්වරුන් ඇතු`ථ මැති ඇමතිවරුන් ද ව්‍යාපෘතිය භාර ඉංජිනේරුවන්, රාජ්‍ය නිලධාරින්, හමුදා ප්‍රධානින් ඇතුථ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *