27 April 2024
#දේශීය

බයනම් ගෙදර යන්න…. ලියුම්වලට මම අත්සන් කරන්නම් – ඇමැති අර්ජුන් කියයි

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව අයත් ඉඩම් අයථා ලෙස සහ වංචනිකව භාවිත කරන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට බියක් ඇත්තේ නම් රාජකාරියට වාර්තා නොකර ගෙදරම නවතින්නැයි අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

අමාත්‍යවරයා කියා සිටියේ දුම්රිය ඉඩම් අයථා ලෙස සහ වංචනිකව භාවිත කරන අයට නීතිය ක්‍රියාත්මක කිරීමේ ලිපි යැවීමට ඇතැම් නිලධාරීන් හිතාමතා ප්‍රමාද කරන බවයි.

එවැනි දේ කරන්නේ නම් එම ලිපි තමා වෙත ගෙනත් දෙන ලෙස අමාත්‍යවරයා අදාළ නිලධාරින්ට කියා සිටියේය.

මේ ඉඩම් කළමනාකරණය කිරීමෙන් ලැබෙන ආදායමෙන් මේ මුළු දුම්රිය දෙපාර්තමේන්තුවම පවත්වාගෙන යාමට හැකි බවත් එම ආදායම ලබා ගන්න දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉඩම් අංශයේ ඇතැම් ඉහළ නිලධාරීන්ට උවමනාවක් නොමැති බව අමාත්‍යවරයා අනාවරණ කළේය. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද (07) බත්තරමුල්ල ප්‍රවාහන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවැති ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රගති සමාලෝචන රැස්වීමට එක් වෙමිනි.

එහිදී අමාත්‍යවරයා මෙසේ අදහස් පල කර සිටියේය ” සමහර පුද්ගලයින් දුම්රියේ ඉඩම් අරගෙන පිටස්තර පුද්ගලයින් බදු දීලා ලොකු ආදායමක් ලබා ගන්නවා. දුම්රිය දෙපාර්තමේන්තුවට ලැබෙන ආදායම මංකොල්ල කනවා. අතරමැදියෝ සල්ලි උපයනවා. ඒක මාෆියාවක්. ඒ මාෆියාවට මේ නිලධාරීනුත් හවුල් බව මම දන්නවා. ඇතැම් ඉඩම් නිලධාරීන් සල්ලි එනවා කියන එකත් රහසක් නෙමෙයි. මේ ඉඩම් අංශයේ නිලධාරීන් වැටුපක් ගන්නවා නේද ? තමන් කන අදින දෙයට යුතුකම් ඉෂ්ඨ කරලා ආයතනය රැක ගන්න. අපි උත්සාහ කරන්නේ මේ ආයතන විකුණන්නේ නැතිව රැක ගන්න. ඒකට මේ හැමෝගෙම උදව් ඕන…”යිද අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉඩම් නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *