27 April 2024
#දේශීය

ඌන ක්‍රියාකරී ව්‍යවසායන් හෝ ඌන උපයෝජිත වත්කම් පුනරුදය කිරීම පනත සම්මතයි

ඌන ක්‍රියාකරී ව්‍යවසායන් හෝ ඌන උපයෝජිත වත්කම් පුනරුදය කිරීම ( ඉවත් කිරීමේ ) පනත් කෙටුම්පත ඊයේ (20) වැඩි ඡන්ද 22 කින් පාර්ලිමේන්තුවේ දී සම්මත විය.

පනත් කෙටුම්පත පිළිබඳ ඡන්ද වීමසීම සිදු වූ අතර පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 91 ලැබුණු අතර විපක්ෂව ඡන්ද 69 ලැබුණි. පනත් කෙටුම්පත කාරක සභාව අවස්ථාවේ සලකා බලා සංශෝධන සහිතව සම්මත වූ බව කතානායක කරූ ජයසූරිය මහතා පැවසීය

ඒ අනුව පනත් කෙටුම්පත වැඩි ඡන්ද 22 කින් සම්මත විය.

2011 අංක 43 දරන ඌන ක්‍රියාකාරි ව්‍යවසායන් හෝ ඌන උපයෝජිත වත්කම් පුනරුදය කිරීමේ පනත අවලංගු කිරීම

ඌන ක්‍රියාකාරි ව්‍යවසාය හෝ ඌන උපයෝජිත වත්කම් රජය සතුකර ඒවා විධිමත් ලෙස කළමනාකරණය, පරිපාලනය හෝ පුනරුදය සඳහා විධිවිධාන සැලැස්වීමටත්, ඒවාට අදාළ වන්දි ගෙවීමටත් විධිවිධාන සැලසීම පිණිස 2011 අංක 43 දරන ඌන ක්‍රියාකාරි ව්‍යවසායන් හෝ ඌන උපයෝජිත වත්කම් පුනරුදය කිරීමේ පනත පනවනු ලැබ ඇත. එසේ වුවද, එකී පනත මඟින් ආයෝජකයන් තුළ අවිනිශ්චිතතාවක් ඇති කරන බැවින් හා රටෙහි ව්‍යාපාර කිරීමේ පහසුව කෙරෙහි අහිතකර අන්දමින් බලපාන බැවින් එකී පනත අවලංගු කිරීම සඳහා වන යෝජනාවක් 2018 අයවැය මඟින් ඉදිරිපත් කරන ලදී. ඒ අනුව එකී පනත අවලංගු කිරීම සඳහා සකස් කර ඇති පනත් කෙටුම්පත අනුමැතිය පිණිස පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම සඳහා රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Leave a comment

Your email address will not be published. Required fields are marked *