27 April 2024
#දේශීය

එක කුස උපන් සහෝදරයන්ට ව්‍යවස්ථාව ගැටළුවක් වෙන්නේ කොහොමද? ජවිපෙ

19 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවේ අති බහුතරයක් අනුමත කර බවත් එය වැරදි නම්, තීරණය කළ යුත්තේ පාර්ලිමේන්තුවම බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

අද (24) එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා විසින් මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ 19 වැනි සංශෝධනය ගැටලුවක් වුණේ පක්ෂ දෙකක ජනාධිපතිවරයෙක් සහ අගමැතිවරයෙක් සිටිය විටදී බවයි.

නමුත් දැන් එක කුසේ උපන් සහෝදරයන් දෙදෙනාට මේ ගැටලුවක් වන්නේ කොහොමද කියලා පැහැදිලි නොමැති බව හෙතෙම පැවසිය. එසේම ඔවුන් දෙදෙනාට සුහදව සාකච්ඡා කරලා පාලන කටයුතු කරගෙන යන්න පුළුවන් යැයි ඔහු අනාවරණ කළේය.

එහිදී සුනිල් හදුන්නෙත් මහතා මෙසේ අදහස් පල කළේය ” 19 වැනි සංශෝධනය සකස් කිරීම සඳහා ජයම්පති වික්‍රමරත්න මහතා යම් කාර්යභාරයක් කළා. නමුත් ඔහු එය තනියෙන් හදපු එකක් නොවෙයි. එතුමාට එතුමාගේ පෞද්ගලික ජීවිතය සම්බන්ධයෙන් තීරණ ගන්න අයිතියක් තිබෙනවා. ඔහුගේ පෞද්ගලික ජීවිතයේ තීරණ 19 වැනි සංශෝධනයට අදාළ වන්නේ නැහැ. මොකද 19 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවේ අති බහුතරයක් අනුමත කරලයි තිබෙන්නේ. ඒක වැරදි නම්, තීරණය කළ යුත්තේ පාර්ලිමේන්තුවමයි. ඒ වගේම අපි කියනවා 19 වැනි සංශෝධනය ගැටලුවක් වුණේ පක්ෂ දෙකක ජනාධිපතිවරයෙක් සහ අගමැතිවරයෙක් ඉන්න විටයි. නමුත් දැන් එක කුසේ උපන් සහෝදරයන් දෙදෙනාට මේ ගැටලුවක් වන්නේ කොහොමද කියලා අපිට පැහැදිලි නැහැ. මොකද ඔවුන් දෙදෙනාට සුහදව සාකච්ඡා කරලා පාලන කටයුතු කරගෙන යන්න පුළුවන්.

 

 

දිලිනි සමන්මලි 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *