27 April 2024
#දේශීය

“සුනාමි” චිත්‍රපටය අපහාස ප්‍රචාරවලට වාරණ නියෝගයක්

ආචාර්ය සෝමරත්න දිසානායක මහතා විසින් තිර පිටපත ලියා අධ්‍යක්ෂණය කල, රේනුකා බාලසූරිය මහත්මිය නිෂ්පාදනය කල, දැනට තිරගත වන, “සුනාමී” චිත්‍රපටයට හා එහි නිර්මණකරුවන්ට අපහාස වන අයුරින් සමාජ මාධ්‍යජාලා හරහා අසත්‍ය ප්‍රචාර පතුරුවන්ට එරෙහිව වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ, ඒ සම්බන්ධයෙන් ගල්කිස්ස දිසා අධිකරණයට ගොනු කළ නඩුවට අදාළවයි.

පැමිණි පාර්ශවය වශයෙන් පෙනී සිටි සෝමරත්න දිසානායක සහ රේණුකා බාලසුරිය සිය නීතිඥවරයා වෙතින් අධිකරණයට දැනුම් දී සිටියේ සුනාමි චිත්‍රපටයට එරෙහිව අන්තර්ජාලය හරහා සිය මුහුණු පොත ඔස්සේ, සමාජ මධ්‍යයන් සහ වෙනත් සන්නිවේදන මාධ්‍යයන් උපයෝගි කරගනිමින් සිදු කරන අසත්‍ය හා අපහාසාත්මක ප්‍රචාරයන් වහා වලක්වා වාරණ නියෝගයක් නිකුත් කරන ලෙසයි.

 එම චිත්‍රපටය නිර්මාණ කරුවන් විසින් ගොනු කල අධිකරන කටයුත්තක් විමසා බැලූ ගල්කිස්ස දිසා අධිකරණ විනිසුරු චන්දිමා ප්‍රභාකුමාරී දෑල මැතිනිය විත්තිකරුවන්ට එරෙහිව වාරන නියෝගයක් නිකුත් කරන ලදී.

ජනවාරි 27වන දින ගල්කිස්ස දිසා අධිකරණය මගින් නිකුත් කරන ලද ඒ අනුව වාරන නියෝගය නිකුත් කර ඇත.

මෙම නඩුව ලබන පෙබරවාරි මස 10වන දිනදී මෙම නඩුව ගල්කිස්ස දිසා අධිකරනයේදී විභාගයට නියමිතය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *