27 April 2024
#දේශීය

එජාපයට නායකත්ව මණ්ඩලයක්… සජිත්ට විපක්ෂනායකත්වය පමණයි ..!

ජනාධීපතිවරණ මැතිවරණය පරාජයත් සමඟ එජාපයේ තුළ නොසන්සුන්තාවයක් හට ගත්තේය.

එහිදී සජිත් පාර්ශවයේ පිල විසින් නායකත්වයට දන්වා සිටියේ විපක්ෂනායක ධුරය මෙන්ම පක්ෂනායකත්වය සජිත් හට ලබා දෙන ලෙසයි. නමුත් නායකත්වය හා එජාපයේ ජ්‍යෙෂ්ඨයින් කියා සිටියේ ජනාධිපතිවරණ මැතිවරණ ප්‍රතිඵල අනුව එජාපයේ නායකත්වය වෙනසක් වුවහොත් එය පක්ෂයේ අනාගතයට හානිදායක තත්ත්වයක් උදා වන බවයි.

ඒ අනුව විපක්ෂනායක ධුරය උද්ගතව ඇති තත්ත්වය හමුවේ සජිත් ප්‍රේමදාස හට ලබා දීමට තීරණය විය. නමුත් සජිත් පිල විසින් නැවතවරක් නායකත්වයට දන්වා ඇත්තේ පක්ෂනායකත්වය ද අවශ්‍ය බවයි.

කෙසේ වෙතත් ඉදිරියේදී ඇති විය යුත්තේ නායකත්වය මණ්ඩලයක් බව රනිල් වික්‍රමසිංහගේ සමීපතයෙකු අප වෙත කියා සිටියේය. එසේම පවතින අර්බුධකාරි තත්ත්වය පාලනය කිරීමට කටයුතු නොකරන බවත් එය පාලනය කලහොත් අර්බුධකාරි තත්ත්වය වැඩි වන ඇති හෙයිනි. එජාපයේ අභ්‍යන්තර තොරතුරු ලබා දෙන්නා අප වෙත කියා සිටියේ ලබන 29 වනදා බොහෝ විට වික්‍රමසිංහ මෙරට පැමිණිනෙනු ඇති බවත් ඉන් පසුව මේ පිළිබඳ සාකච්ඡා කෙරෙණු ඇති බවයි. එසේම පවතින අර්බුධ හමුවේ බොහෝ දෙනා යෝජනා කර ඇත්තේ නායකත්ව මණ්ඩලයක් යටතේ එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි කටයුතු සිදු කර ගෙන යායුතු බවයි.

එසේම මෙවැනි තීරණයක් ගෙන ඇත්දැයි අප පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතාගෙන් කල විමසීමකදී ඔහු කියා සිටියේ පක්ෂය විසින් ගන්නා වු සියළු තීරණ ඉදිරි දින කිහිපය තුළදී දැනුම් දීමට නියමිතව ඇති බවයි.

 

දිලිනි සමන්මලි

Leave a comment

Your email address will not be published. Required fields are marked *