27 April 2024
#සංවර්ධන

රාත්‍රීයේදී ජනතාවට ගමන් කරන්න බස් රථ යොදවන්න – මල්වතු මහ නා හිමියෝ පවසති

අහිංසක මගී ජනතාවට රාත්‍රී කාලයේදී තම නිවෙස්වලය යෑමට බස් රථ යොදවන ලෙස සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ මහා නායක තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියෝ මධ්‍යම පළාත් මගී ප්‍රවාහන අධිකාරියේ නව සභාපති හසිත විජේතිලක මහතාගෙන් ඉල්ලා සිටියහ.

උන්වහන්සේ මෙම ඉල්ලීම කර සිටියේ නව සභාපතිවරයා ඊයේ (26) පෙරවරුවේ මහ නා හිමියන් බැහැදුටු අවස්ථාවේදීය.

උන්වහන්සේ කියා සිටියේ ගම්බද ජනතාවට සවස 6න් 7න් පසු තමන්ගේ ගෙවල්වලට යෑමට බස් රථ නොමැති බවත් මෙය ගම්බද ප්‍රදේශවලට තදින්ම බලපාන බවයි. ඇතැම් පුද්ගලයින්ට නුවර සිට පේරාදෙණියට යාමටත් නුවර සිට අම්පිටියට යාමටත් සවස 7න් පසුව බස් රථ නොමැති බවත් එම තත්ත්වය වෙනස් කල යුතු බව උන්වහන්සේ අවධාරණය කළේය.

මෙහිදි අදහස් දැක්වු මගී ප්‍රවාහන අධිකාරියේ නව සභාපති හසිත විජේතිලක මහතා මෙසේ කියා සිටියේය ” ඔබවහන්සේලාගේ අවවාද අනුශාසනා මම ඉතා ගෞරවයෙන් පිලිගන්නවා. ආණ්ඩුකාරතුමා හමුවී මෙම තත්වය පැහැදිලි කර එතුමාගේ උපදෙස් ලබාගෙන මේ රාත්‍රී ප්‍රවාහන සේවා කටයුතු විධිමත් කිරීමට මා කටයුතු කරනවා. ආණ්ඩුකාරතුමා මේ සම්බන්ධයෙන් දැනටමත් මා දැනුවත් කර තිබෙනවා.

 

දිලිනි සමන්මලි

Leave a comment

Your email address will not be published. Required fields are marked *