27 April 2024
#දේශීය

එජාපයේ තීන්දු ගන්න චන්ද්‍රිකා පිලේ අයට බැරි බව ඇමැති රවි කියයි

එක්සත් ජාතික පක්ෂය විසින් නියම වේලාවට ජනාධිපති අපේක්ෂකයා හෙළි කරන බවත් එය චන්ද්‍රිකා පිලේ පිරිසගේ කාර්යයක් නොවන බව විදුලි බල හා විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

TTVnews.lkවෙබ් අඩවිය වෙත විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍ය රවි කරුණානායක මහතා කියා සිටියේ තමා සම්බන්ධයෙන් ඇතැම් පිරිස් විසින් සිදු කරන ප්‍රකාශ පදනම් විරහිත බවයි. තමා වැඩ කිරීමට දක්ෂයෙක් බවත් වැඩ කරන අයට තමා හැමෝම පහර ගසන්නේ බව අමාත්‍ය රවි කියා සිටියේය.

එසේම ඉදිරි ජනාධිපතිවරණ මැතිවරණයේදී සුදුසු පුද්ගලයා නියමිත කාලයේදී හෙළි කරන බව අමාත්‍යවරයා අනාවරණ කළේය. එසේම මේ වන විට හෙලි කරන නම් සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ තීරණයක් අවසන් තීරණයක් ගෙන නොමැති බව කරුණානායක මහතා වැඩිදුරටත් අනාවරණ කළේය.

විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා සමඟ කල සම්පුර්ණ සාකච්ඡාව පහත TTVnews.lk අපගේ Youtube Channel ඔස්සේ නැරඹිය හැකිය.

 

https://www.youtube.com/watch?v=Af4YfGC1XPI

Leave a comment

Your email address will not be published. Required fields are marked *