27 April 2024
#දේශීය

ගෝඨා ඉක්මනින් මව්බිමට …. මැතිවරණ කටයුතු අගෝස්තු 11 වනදා ….!

ඉක්මණින් මවුබිමට පැමිණ ජනතා බලාපොරොත්තු ඉටුකිරීමට කැප වන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ඇතුළු මන්ත්‍රී කණ්ඩායමක් පසුගිය 03 වනදා සිංගප්පූරුවට ගොස් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කර තිබේ.

එහිදී ගෝඨාභය රාජපක්ෂ මහතා කියා ඇත්තේ කිසිදු කරුණක් මත පසුබැසීමට තමා සූදානම් නොමැති බවයි. එසේම ජනතාව වෙනුවෙන් ඕනෑම අභියෝගයකට මුහුණ දීමට සූදානම් බවත් හෙතෙම පවසා ඇත.

තවත් මාස පහකින් පමණ එළැඹෙන ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධාන කටයුතු සම්බන්ධයෙන් ප්‍රසන්න රණතුංග මහතා ගේඨාභය රාජපක්ෂ මහතාට මෙහිදී පැහැදිලි කර තිබේ.

එසේම බැසිල් රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ මේ වන විට ජනාධිපතිවරණ මෙහෙයුම් කටයුතු දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාවට නංවා ඇති බවත් නාමයෝජනා භාරදීමට පෙර හා භාරදීමෙන් පසුව ප්‍රචාරක වැඩසටහන් ක්‍රියාවට නැංවෙන ආකාරයත් පැහැදිලි කර තිබේ.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ සොහොයුරන් තමන් සමඟ නිරන්තරයෙන් සම්බන්ධ වන බවත් ඔවුන්ගේ ආශිර්වාදය මැද අභියෝග ජයගනිමින් ඉදිරියට යාමට සූදානම් බවත් රාජපක්ෂ මහතා මෙහිදී අවධාරණය කර ඇත.

ගොඨාභය රාජපක්ෂ මහතාගේ සමිපතයෙකු අප වෙත කියා සිටියේ අගොස්තු මස 11 වනදා ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු ආරම්භ කරන බවයි.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *