27 April 2024
#දේශීය

එජාපයේ මන්ත්‍රීවරුන්ගේ සාකච්ඡාවක් … පක්ෂනායකත්වය ගැන පැතිර යන වාර්තා බොරු

ජනාධීපතිවරණයේ පරාජය වීමත් සමඟ පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වන්නේද යන්න සම්බන්ධයෙන් සහ ඉදිරි ක්‍රිියාමාර්ග පිළිබඳව තීරණය ගැනීම සඳහා ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ රැස්වීමක් අද (18) පාර්ලිමේන්තු සංකීර්ණයේ මේ මොහොතේ පැවැත්වේ.

මෙම රැස්වීම පැවැත්වෙන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙනි. මෙහිදී බොහෝ විට ඉදිරියේදී මැතිවරණයකට යාම ද නැතිනම් මේ ආණ්ඩුව ගෙන යන්නේ ද යන්න පිළිබඳ සාකච්ඡා පැවැත්වෙනු ඇති බව වාර්තා වේ. මෙම සාකච්ඡාවට කථානායක කරු ජයසුරිය මහතා සහභාගී වී නොමැති බව දැන ගන්නට ඇත.

තව ද අද දිනයේදී පක්ෂයේ නායකත්වයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඉවත්ව එය කථානායකවරය වෙත බාර දෙන බවට විවිධ සමාජ ජාල මගින් ගෙන යන ප්‍රචාරණය සම්බන්ධයෙන් TTVnews.lk වෙබ් අඩවිය කථානායකවරයාගේ මාධ්‍ය අංශයෙන් විමසීමක් කළේය.

එහිදී කථානායකවරයාගේ සමීපතයෙකු කියා සිටියේ එවැනි කිසිදු ක්‍රියාමාර්ගයක් සම්බන්ධයෙන් සුදානමක් නොමැති බවයි. එම පැතිර යන වාර්තා අසත්‍ය බව එම සමිපතයා අප වෙත කියා සිටියේය.

 

දිලිනි සමන්මලි

Leave a comment

Your email address will not be published. Required fields are marked *