• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

දුම්රිය පවුලේ අලුත්ම සඟයා දෙනුවර මැණිකේ බදුල්ලට ධාවනය ආරම්භ කරයි

1 November 2019
in සංවර්ධන

දෙනුවර මැණිකේ නගරාන්තර දුම්රිය සේවය අද (01) දුම්රිය කොළඹ කොටුවෙන් උදෑසන 06.45 ට මංගල ගමන සුබ මොහොතින් ආරම්භ වුයේ ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙනි.

එම අවස්ථාවට ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා හිටපු අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතාද එක් විය. එම සමාරම්භක උත්සවයේදී අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසුවේ මගී අවශ්‍යතා සලකමින් මෙම නව දුම්රිය ධාවනයට එක් කළ බවයි.

මෙහිදී ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා හිටපු අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පැවසුවේ, “බදුල්ල කියන්නේ සංචාරක ව්‍යාපාරයෙන් ඉතාම ඉක්මනින් දියුණු වන ප්‍රදේශයක්. ඒ ඇල්ල, හපුතලේ, බණ්ඩාරවෙල යන ප්‍රදේශ නිසා. ඒනිසා විශේෂයෙන්ම ආදායම් උත්පාදනය සඳහාත් සංචාරක ව්‍යාපාරය ප්‍රචලිත කිරීම සඳහාත් බදුල්ලට යන ජනතාවට සුවපහසුව ඇතිව ගමනාගමනය කිරීම සඳහාත් මේ දුම්රිය ඉවහල් වෙනවා. ජනතාවට යම් වාසියක් ලබා දීම තමයි සෑම රජයකම යුතුකම. ඒ යුතුකම අපි දෙගොල්ලන්ටම එකතුවෙලා ඉටු කිරීමට ලැබීම ගැන මම සතුටු වෙනවා….” යනුවෙනි.

දෙනුවර මැණිකේ නගරාන්තර දුම්රියට යොදා ඇත්තේ දුම්රිය දෙපාර්තමේන්තුවට චීනයෙන් ගෙන්වූ එස් – 14 වර්ගයේ නවතම බලවේග කට්ටලයයි. පෙරවරු 06.45ට කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කරන දෙනුවර මැණිකේ දුම්රිය පස්වරු 03.27ට බදුල්ලට ළඟා වේ. බදුල්ලෙන් එම දුම්රිය කොළඹ කොටුවට ගමන් ආරම්භ කරන්නේ පසුදින පෙරවරු 07.20ටය. දුම්රිය පස්වරු 04.03ට නැවත කොළඹ කොටුව පැමිණේ. මෙම දුම්රිය වායු සමනය කළ පළමු පන්තියේ මැදිරි 02කින්ද , දෙවැනි පන්තියේ මැදිරි 02කින්ද, තුන්වන පන්තියේ මැදිරි 03කින් ද සමන්විත වේ. භෝජන මැදිරිය ආසන 50කින් සමන්විතය. දුම්රිය නවත්වන්නේ පොල්ගහවෙල, පේරාදෙණිය, ගම්පොල, නාවලපිටිය, හැටන්, තලවකැළේ, නානුඔය, හපුතලේ, දියතලාව, බණ්ඩාරවෙල, ඇල්ල යන දුම්රිය ස්ථානවල වේ. වායු සමනය කළ පළමු පන්තියේ කොළඹ කොටුවේ සිට බදුල්ලට ප්‍රවේශපත්‍ර ගාස්තුව රු.1700කි. දෙවැනි පන්තිය සඳහා රු.1000.00ක්ද තුන්වන පන්තිය සඳහා රු.700.00ක ප්‍රවේශපත්‍ර ගාස්තුවක්ද අය කෙරේ. නවතම පහසුකම් සහිත මෙම දුම්රියේ සියලුම මැදිරි සඳහා මහජන ඇමතුම් පද්ධතියක්, ජංගම දුරකතන ආරෝපණ පහසුකම්, මගී ආසන සඳහා hand free පහසුකම්ද ඇත.

 

දිලිනි සමන්මලි 

 

Post Views: 12
Previous Post

එජාපය සහ හිටපු ජනාධිපතිනිය අතර ගිවිසුමක් අත්සන් තබයි

Next Post

මත්ද්‍රව්‍ය පරික්ෂා කිරීම සඳහා පොලිසියට නව රොබෝ යන්ත්‍ර 02 ක් අද සිට යොදා ගැනේ

editor

editor

Next Post

මත්ද්‍රව්‍ය පරික්ෂා කිරීම සඳහා පොලිසියට නව රොබෝ යන්ත්‍ර 02 ක් අද සිට යොදා ගැනේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved