27 April 2024
#දේශීය

එජාපෙ පක්ෂ නායකයින් අද රැස්වෙයි

එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින්ගේ විශේෂ සාකච්ඡාවක් අද(20) පෙරවරුවේ පැවැත්වීමට නියමිතයි. එහිදී ඉදිරි දේශපාලන කටයුතු සම්බන්දයෙන් හා ඉදිරියේදී ගත යුතු පියවරවල් පිළිබඳ සාකච්ඡාවක් මෙහිදී පැවැත්වෙන බව වාර්තා වේ.

මේ සඳහා එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන සියලු පක්ෂවල නායකයින්ට ආරාධනා කර තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සාකච්ඡාවේදී පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව පත්කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *