27 July 2024
#විලාසිතා

මිසිස් ඕෂන් වර්ල්ඩ් 2018 තරගයේ Best Personality සහ best congeniality සාර්ථකව නිමා වෙයි

පී.ඩී. එන්ටර්ටේන්මන්ට් විසින් ඉදිරිපත් කරන ලබන මිසිස් ඕෂන් වර්ල්ඩ් 2018 නිරූපන තරගයේ Best Personality සහ best congeniality තරඟ පසුගිය 16 වැනිදා වැල්ලවත්තේ හොටෙල් සෆායර් පර්ශ්‍රයේදී සාර්ථක ලෙස පැවැත් විණි.

එම තරගය සඳහා මේ වන විට තරඟකාරියන් රැසක් සහභාගී වී ඇති අතර මේ වනවිට popularity තරගය පැවැත්වෙන අතර පී.ඩී. එන්ටර්ටේන්මන් වෙබ් පිටුව හරහා තමන් කැමැති තරගකාරියකට ඕනෑම කෙනකුට මනාපය පළ කරළ හැක.

මෙහි අවසාන මහා තරගය නොවැම්බර් 23 වැනිදා පැවැත්වීමට නියමිත අතර තරගය නැරඹීම සඳහා අවශ්‍ය ප්‍රවේශපත්‍ර, නොම්බර 14, ග්‍රෙගරි පාර, කොළඹ 7 යන ලිපිනයෙහි පිහිටි පී. ඩී. එන්ටර්ටේන්මන්ට් ආයතනයට පැමැණ හෝ 0762390666 යන දුරකථන අංකයට අමතා හෝ ලබා ගැනීමට හැකි බව තරගයේ ජාතික සංවිධායක වෛද්‍ය ප්‍රසාද් දේශප්‍රිය මහතා TTVnews.lk වෙබ් අඩවිය වෙත කියා සිටියේය.

 

 

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *