27 April 2024
#දේශීය

එජාප මන්ත්‍රිවරුන් – රනිල් එන කල් අරලියගහ මන්දිරයේ

අගමැති ධුරය මහින්ද රාජපක්ෂ හට හිමිවීමත් සමඟ කැලඹිමට පත් වු එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් මේ වන විට අරලියගහ මන්දිරයට ගොස් තිබේ. ඉදිරියේදී කල යුත්තේ කුමක් සිදු වුයේ කුමක් දැයි සම්බන්ධයෙන් ද පක්ෂයක් වශයෙන් ඉදිරියට ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ගොස් ඇති බව විශ්වාස කටයුතුආරංචි මාර්ග කියා සිටියේය.

එසේම මෙවැනි තත්ත්වයක් යටතේ ඉදිරියේදී එජාප නායකත්වය වීම අනිවාර්ය බව ද වාර්තා වේ. එජාප නායක රනිල් වික්‍රමසිංහ මේ වන විට අරලියගහ මන්දිරය වෙත පැමිණෙමින් සිටින අතර ඔහු එන තෙක් එජාපයේ මන්ත්‍රීවරුන් අරලියගහ මන්දිරයේදී රැස්ව සිටි.

තමන් තවදුරටත් අගමැති වරයා බව මහින්ද පත් කිරීම නිතිවිරෝධි බව රනිල් වික්‍රමසිංහ පවසා ඇති බවත් මෙම පත් කිරීම සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව වාර්තා වනවා. 

Leave a comment

Your email address will not be published. Required fields are marked *