27 April 2024
#දේශීය

සරත් නිසා මෛත්‍රි – රනිල්ට උන්හිටි තැන් අහිමි කරයි ……!

ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතනය කිරීමට කුමන්ත‍්‍රණය කළැයි කියන සිද්ධියට අදාළව ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා විසින් හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාට උපදෙස් ලබා දී ඇති බව මේ වන විට ඔප්පු වී ඇති බව වාර්තා වේ.

ඔහු විසින් මෙම ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් අදාළ උපදෙස් හා සැලසුම් ලබා දී ඇති බවත් ඒ සඳහා තවත් 48 දෙනෙකු ද සම්බන්ධව ඇති බව වාර්තා වේ. කෙසේ වෙතත් මෙම ඝාතන කුමන්ත්‍රණයේ ඔප්පු වීමෙන් අනතුරුව මෙම තීරණය ජනාධිපති මෛත්‍රිපාල විසින් ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

තමන්ම මරණ තැනැත්තන් සමඟ කිසිදු අවස්ථාවක දේශපාලන කිරීමට සුදානම් නොමැති බව ජනාධිපතිවරයා විසින් දේශපාලනඥයින්ට පවසා ඇත. එසේම එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් පිරිස් ආණ්ඩුවේ සිදු කරන ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා කලකිරිමට පත්ව සිට ඇත.

එසේම අගමැති ධුරයේ කටයුතු කළ රනිල් වික්‍රමසිංහ පවා තම තනතුරේ කටයුතු නිසි ලෙස ඉටු නොකිරීමට මෙවැනි තත්ත්වයකට මුහුණ පෑමට සිදු වු බවයි එජාපයේ ආරංචි මාර්ග සඳහන් කළේ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *